slc
Home   |    News
දෙසැම්බර් 18, 2022
ජැෆ්නා කිංග්ස් පිලෙන් වෙනස්කම් 3 ක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනූ කැන්ඩි කිංග්ස් නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙතෙක් තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කර ඇති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග 4 ක් ජය ගැනීමට සමත්ව සිටින අතර තරග 2 ක් පරාජයට පත්ව තිබේ. පරාජයට පත් වුනු තරග දෙකම කැන්ඩි ෆැල්කන්ස් හමුවේ පරාජයට පත්වීම කැපී පෙනෙයි. ඔවුන් ‌ජය ගෙන තිබෙන තරග 4 න් 3 ක්ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ පළමුව පන්දුවට පහර දීමෙනි.

කොළඹ පැවැත්වෙන තරග අතුරින් ජැෆ්නා කණ්ඩායම තරග වදිනු ලබන පළමු තරගය මෙය වුවද ගෝල් පිල ඊයේ දිනයේදී දඹුල්ල අවුරා පිලට එරෙහිව මෙහි තරග වැදුණේය. එම තරගයට ක්‍රීඩා කළ සංයුතියම අද තරගය සඳහා කැඳවද්දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනස්කම් 3 ක් සමඟින් අවතීර්ණව සිටිති. මෙහිදී මහීෂ් තීක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අෆීෆ් හොසේන් අවසන් 11 දෙනා අතරට පැමිණෙද්දී ධනංජය ද සිල්වා, ඩිල්ෂාන් මදුශංක සසහ වකාර් සලමන්කෙල් විවේක ගන්වා තිබේ.

ජැෆ්නා කිංග්ස් – රාමනුල්ලා ගුර්බාස්, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ෂොයෙබ් මලික්, තිසර පෙරේරා (නායක), අෆීෆ් හොසේන්, දුනිත් වෙල්ලාලගේ, ජේම්ස් ෆුලර්, මහීෂ් තීක්ෂණණ, බිනුර ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්.

ගෝල් ග්ලැඩියේටර්ස් – තනුක දාබරේ, කුසල් මෙන්ඩිස් (නායක), ළහිරු උදාර, අසාද් ශෆික්, නුවනිඳු ප්‍රනාන්දු, ඊෆ්තිකාර් අහමඩ්, ඉමාද් වසිම්, වහාබ් රියාස්, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest