slc
Home   |    News
දෙසැම්බර් 18, 2022
ජැෆ්නා කිංග්ස් ලකුණු 16 කින් ජය ගනියි

sinhala editor

Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (18 ) කොළඹ ‌ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‌යේ පැවැති තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙතෙක් තරගාවලියේ 5 වැනි ජයග්‍රහණය වාර්තා කළේය.

මේ වන විටත් අවසන් කණ්ඩායම් 4 අතර ට තේරී පත්ව සිටින කැන්ඩි කිංග්ස් කණ්ඩායම අද තරගයේදී ලබාදුන් ලකුණු 171 ක ඉලක්කය හඹා යෑමේදී දඹුල්ල කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 154 කට සීමා කිරීමට සමත්විය.

එම හඹා යෑමේදී හුදෙකලා සටනක නිරත වුණු කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟ ලකුණු 58 ක් ලබා ගත් නමුත්, සෙසු එකම පිතිකරුවකුට ලකුණු 23 සීමාව ඉක්මවාලීමට ජැෆ්නා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

පන්දු යැවීමේදී යළිත් වතාවක් සුපිරි පන්දු යැවීමක නිරත වුණු බිනුර ප්‍රනාන්දු ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ජේම්ස් ෆුලර් සහ වියස්කාන්තා කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලම පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් දවා ගැනීමට නුවන්ලා යුගලය වුනු තුෂාර සහ ප්‍රදීප් සමත්වූහ. එහෙත් තෙවැනි කඩුල්ලට එක් වුණු අෆීෆ් හොසනේ සහ සදීර සමරවික්‍රම ඉනිමේ මැද භාගයේදී අලංකාර ලෙස පන්දුවට පහර දීම නිසා ආරම්භක පිතිකරුවන් අහිමිවීමේ අඩුපාඩුව හොදින්ම මකා දැමීමට හැකියාව ලැබිණ.

පළමු වතාවට එල්.පී.එල්. තරගයකට ක්‍රීඩා කළ අෆීෆ් හොසේන් ජැෆ්නා ඉනිමේ අර්ධ ශතකයක් ලද එකම පිතිකරුවා බවට පත්විය. ඉතා හොඳින් පන්දුව ස්ථානගත කළ හොසේන්ගේ පන්දු 35 කදී රැස් කරන ලද ලකුණු 54 ක ඉනිම සදහා හේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් එල්ල කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සදීර පන්දු 28 කදී ලකුණු 32 ක් ලබා ගත්තේ හතරේ පහර 2 ක් පමණක් එල්ල කරමිනි.

14 වැනි පන්දුවාරය යැවූ වහාබ් රියාස් පිට පිට පන්දු දෙකකදී සදීර සහ ෂොයෙබ් මලික් (0) කඩුලු දවා ගැනීම නිසා යළිත් මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා ජැෆ්නා පිලට තිබූ අවස්ථාව අහිමිව ගියේය. කෙසේ වෙතත් මැද පෙලින් පැමිණි තිසර පෙරේරා පන්දු 13 කදී ලකුණු 26 ක් රැස් කළද අවසන් පන්දුවාර 2 වන එළැඹීමට මත්තෙන්ව සිය තෙවැනි කඩුල්ල ලෙසින් රියාස් විසින් දවා ගත්තේය. අවසන් පන්දුවාර 2 යැවූ නුවන් තුෂාර ලකුණු 8 කටත් නුවන් ප්‍රදීප් ලකුණු 03 කටත් යැවීමට සමත් වූ අතර එම පන්දුවාර දෙකේදී 3 ක් දැවී යෑමද ජැෆ්නා කණ්ඩායමේ අවසන් භාගයේ ලකුණු වේගය අඩාල වීමට හේතු කාරක වූහ.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest