slc
Home   |    News
දෙසැම්බර් 17, 2022
දඹුල්ලෙන් වෙනස්කම් 5 ක්

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියර ආරම්භ කරමින් අද (17 දා) පස්වරුවේ පැවැත්වෙන ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල අවුරා නායක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර සටන හෙවත් පිලිමළුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට කිසියම් දුරකට බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගයේ ජය දඹුල්ල පිලට තීරණාත්මක වේ.

මේ දක්වා තරග මුහුණ තුන් තරග 5 න් 5 ම පරාජයට පත්ව සිටින දමුල්ල කණ්ඩායමට තවත් ඉතිරිව ඇත්තේ තරග 3 ක් පමණි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ගෝල් ග්ලැඩියේටර් පිල තරග 5 කදී ජයග්‍රහණ 2 ක් ලබා සිව්වැනි ස්ථානයේ රැදී සිටියි.

මෙම තරගයේදී ගෝල් කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් අවතීර්ණ වද්දී ප්‍රතීවාදී දඹුල්ල පිල වෙනස්කම් 5 ක් සමඟින් අවතීර්ණව සිටිති. ගෝල් කණ්ඩායම ඉෆ්තිකාර් අහමඩ් සහ නුවන් ප්‍රදීප් අවසන් 11 දෙනා අතරට කැඳවද්දී ඔෂධ ප්‍රනාන්දු සහ අන්වර් අලීට සිය ස්ථානය අහිමිව තිබේ.

දඹුල්ල කණ්ඩායම, මැතිව් ෆෝර්ඩ්, චමිඳු වික්‍රමසිංහ, දිලුම් සුධීර, රවිඳු ප්‍රදාන්දු සහ සිකන්දර් රාසා අද තරගයේදී කණ්ඩායමට කැඳවද්දී අවසන් වතාවට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩංගණයේදී සහභාගිවුණු තරගයට ක්‍රීඩා කළ ලසිත් කෲස්පුල්ලේ, ටොම් අබෙල්, චතුරංග ද සිල්වා, පෝල් වෑන් මීකරන් සහ ළහිරු කුමාරට සිය ස්ථානය අහිමිව තිබේ.  

ගෝල් ග්ලැඩියේටර්ස් – 1.තනුක දාබරේ, 2. කුසල් මෙන්ඩිස් (නායක), 3. ළහිරු උදාර, 4. අසාද් ශෆීක්, 5. ඉෆ්තිකාර් අහමඩ්, 6. ඉමාද් වසීම්, 7. නුවනිඳු ප්‍රනාන්දු, 8. වහාබ් රියාස්, 9. නුවන් තුෂාර, 10, නුවන් ප්‍රදීප්, 11. ලක්ෂාන් සඳකැන්.

දඹුල්ල අවුරා – 1. දසුන් ශානක (නායක), 2. ජෝර්ඩ්න් කොක්ස්, 3. භානුක රාජපක්ෂ, 4. ෂෙවෝන් ඩැනියල්, 5. ප්‍රමෝද් මදුශාන්, 6. නූර් අහමඩ්, 7. සිකන්දර් රාසා, 8. මැතිව් ෆෝර්ඩ්, 9. චමිඳු වික්‍රමසිංහ, 10. දිලුම් සුධීර, රවිදු ප්‍රනාන්දු.

ලසිත් කෲස්පුල්ලේ, ටොම් අබෙල්, චතුරංග ද සිල්වා, පෝල් වෑන් මීකරන්, ළහිරු කුමාර.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest