slc
Home   |    News
දෙසැම්බර් 18, 2022
දඹුල්ල 6 වැනි වතාවටත් පරදියි

sinhala editor

Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (18 දා) රාත්‍රියේ පැවැති තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 39 කින් පරාජයට පත් කිරීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය. අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට අවුරා පිලට තිබූ පහසුම අවස්ථාව වුණු අද තරගයේ පරාජයට පත්වීමත් සමඟ පිළිමළුන්ගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා ඔවුන්ට තිබෙන අවස්තාව ඉතාමත් අල්ප එකකි.

මූලික තරග වටය යටතේ දඹුල්ලටත් ගෝල් ග්ලැඩියේටර්ස් පිලටත් තරග වැදීමට නියමිත අතර එම තරගයේදී දැවැන්ත පරතරයකින් යුක්තව ජය ගත හොත් පමණක් අවසන් කණ්ඩායම් හතර අතර තරග වටයට සුදුසුකම් ලැබීමට අවුරා පිලට සියුම් අවස්ථාවක් පවතියි.

ලකුණු 161 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී ෂෙවෝන් ඩැනියල් (8), භානුක රාජපක්ෂ (0) පිට පිට පන්දු දෙකකදීද ඊළඟ පන්දුවාරයේදී නායක දසුන් ශානකවද (14) දවා ගත් ඔෂේන් තෝමස් කැන්ඩි ජයග්‍රහණයට මං පෙත් විවර කළේය. පන්දුවාර 4 ලකුණු 15 කට සීමා කළ තෝමස්ගේ මේ සුවිශේෂී පන්දු යැවීම නිසා තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

දඹුල්ල පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ සිකන්දර් රාසා පමණි. ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 33 කදී ලකුණු 45 ක් සහ දිලුම් සුදීර ලකුණු 21ක් ලබා ගත්තා හැරෙන්නට ඉතිරි කිසිදු පිතිකරුවකුට ලකුණු 14 සීමාව ඉක්මවාලීමට කැන්ඩි පන්දු යවන්නෝ අවසර නොදුන්හ.

තෝමස්ගේ පන්දු යැවීම ප්‍රධාන කොට පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් දඹුල්ල කුණු පුවරුව කඩුලු 3 ට ලකුණු 24 ක් ලෙසින් දිස්විය. දඹුල්ල ඉනිමේ කඩුලු සම්බන්ධතා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් සිකන්දර් රාසා සහ නූර් අහමඩ් අතර පැවැති ලකුණු 25 ඉනිමේ ඉහළම සම්බන්ධතාව විය. මෙය දඹුල්ල පිල තරග 7 කදී ලද 6 වැනි පරාජය විය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් කැන්ඩ් ෆැල්කන්ස් කණ්ඩායම තරමක පාලනයක තබා ගැනීමට අවුරා පන්දු යවන්නෝ සමත්වූහ. එකම පිතිකරුවකුටවත් විශාල ඉනිම ගොඩ නැගීමට අවස්ථාව ලබාදීමට අවුරා පන්දු යවන්නෝ අවස්ථාව සලසා නොදෙද්දී අෂේන් බණ්ඩාර වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ පන්දු 31 කදී ලකුණු 37 ක් වාර්තා කරමිනි.

මෙම තරගයේදී පැතුම් නිස්සංක, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ කාලෝස් බ්‍රැත්වයිට් විවේක ගැන්වීමට කලමනාකාරීත්වය තීරණය කර තිබීම නිසා ඉනිම ආරම්භය කවීන් බණ්ඩාර සහ මිනෝද් භානුකට පැවැරී තබුණි. කවීන් බණ්ඩාර විශ්වාසයකින් යුතුව පහර දුන්නත් භානුක (14) වේලාසනම දැවී ගියේය. කෙසේ වෙතත් පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන්ම කවීන් බණ්ඩාරවද දවා ගැනීමට වමත් වේග පන්දු යවන කලන පෙරේරා සමත්වූවේය. කැන්ඩි සමස්ථ ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නජිබුල්ලා සද්‍රාන් සහ අෂේන් බණ්ඩාර අතර ගොඩනැංවුණු සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව විය. පන්දු 34 කදී ගොඩනැංවුණු එම සම්බන්ධතාවය ලකුණු 42 කි. පන්දු යැවීමේදී කලන පෙරේරා, මැතිව් ෆෝඩ් සහ දිලුම් සුදීර කඩුලු 2 බැගින් දවා ගත්හ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
USD United States (US) dollar

Pin It on Pinterest