slc
Home   |    News
දෙසැම්බර් 22, 2022
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට තේරී පත්වන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීම සදහා කැන්ඩි ෆැල්කන්ස්ට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතීවාදීන් බවට පත්වීමට අද (22 දා) රාත්‍රියේ සමත්විය. ඒ අනුව තෙවැනි එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගය හෙට (23 දා) ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් අතර පැවැත්වෙනු ඇත.

කැන්ඩි පිල ලබා දුන් ලකුණු 169 ක ඉලක්කය හඹා යෑමේදී දෙවැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක එක්ව පන්දු 64 කද ගොඩනංවන ලද ලකුණු 90 ක සම්බන්ධතාව ප්‍රධාන කොට මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා යෑඹ සදහා කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රධාන අඩිතාලම එක්විණ. හයේ පහර 3 ක් සහහතරේ පහර 7 ක්ද සමඟ චරිත් අසලංක විසින් පන්දු 30 කදී ගොඩනංවන ලද ලකුණු 64 ත්, පන්දු 33 කදී චන්දිමාල් රැස් කරන ලද ලකුණු 38 ත් ඒ සඳහා ආබරණ බදු විය.

එහෙත් කමිදු මෙන්ඩිස් විසින් දිනේස් චන්දිමාල්ව දවා ගැනීමත්, අෂේන් බණ්ඩාර සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව චරිත් අසලංකව දුවද්දී දවා ගැනීමට හසු කර ගැනීමත් නිසා හඹා යෑම යළිත් අඩ පණ වන අයුරක් දිස්විය. එහෙත් පස්වැනි කඩුල්ලට එක් වුණු රවී බොපාරා සහ ඇන්ජලෝ මැතිව්ස් ඉතිහාසයේ පළමු වතාවට කලම්බු ස්ටාර්ස් පිල අවසන් මහ තරග අවස්ථාවක් කරා රැගෙන යෑ‌මේ පෙරගමන් කරුවන් වූහ.

අවසන් පන්දු 24 දී ලකුණු 39 ක අභියෝගයක් පවතිද්දීත් වනිදු හසරංගට එහෙම් පිටින්ම පන්දුවාරයක් යැවීමට ඉතිරිව තිබිණ. වනිඳුගේ පන්දු වලට කලම්බු පිතිකරුවන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළ නිසා ඔහුගේ පළමු පන්දුවාර 3ට ලබා සිටියේ ලකුණු 19 ක් පමණි.

කමිඳු මෙන්ඩිස් විසින් යවන ලද 17 වැනි පන්දුවාරයට ලකුණු 9 ක් ලබා ගන්නා මැතිව්ස්-බොපරා යුගල වනිඳුගේ සිව්වැනි පන්දුවාරයට ලකුණු 20 ක් උදුරා ගත්හ. ඒ බොපාරා එල්ල කරන ලද හයේ පහරත් ඇන්ජලෝ මැතිව්ස් පිට පිටම එල්ල කරන ලද හයේ පහර 2 ත් සමඟිනි. අනපේක්ෂිත ලෙස ලකුණු 20 ක් ගිලිහී යෑම නිසා ඉලක්කය පන්දු 12 කදී ලකුණු 10 ක් බවට පත්විය. කෙසේ වෙතත් ෆේබියන් ඇලන්ට එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ජයග්‍රහණය සනිටුහන් වන විට බොපාරා පන්දු 16 කදී ලකුණු 29 ක්ද මැතිව්ස් පන්දු 13 කදී ලකුණු 21 ක්ද ලබා සිටියහ.

පළමු පන්දුවාරය ඇතුළත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී යෑම නිසා අසාර්ථක ආරම්භයකින් තරගය ආරම්භ කළත් අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණු වනිඳු හසරංගගේ නායකත්වයේ ඉනිම නිසා ලකුණු 169 ක ඉලක්කයක් කලම්බු ස්ටාර්ස් හමුවේ ලබා දීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

වයිඩ් පන්දුවකින් තරගය ආරම්භ කළද තෙවැනි පන්දුවේදී පැතුම් නිස්සංකත්, පස්වැනි පන්දුවේදී ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්වත් දවා ගත් කසුන් රජිත පළමු පන්දුවාරය අවසන් කරන ලද්දේ ලකුණු 05 කට කඩුලු 2 ක් දවා ගනිමිනි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මොවුන් දෙදෙනාම දැවී යද්දී පිටියට පිවිසි අෂේන් බණ්ඩාරද ස්ලිප් ස්ථානයේ පන්දු රැකි බෙනී හොවෙල් අතට ලබා දුන් උඩ පන්දුවත් කමිඳු මෙන්ඩිස් බැක්වර්ඩ් පොයින්ට් කළාපයේ පන්දු රැකි රවී බොපාරා අතින් ගිලිහී නොයන්නට කැන්ඩි පිල මීට වඩා අමාරුවේ වැටෙනු ඇත.

මුලු ලකුණු සංඛ්‍යාව 42 දී කමිඳු මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි වනිඳු හසරංග කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත් වූයේ පන්දු 34 කදී ලකුණු 77 ක් ලබා ගනිමිනි. හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ද අතුළත් වුණු වනිඳු තම ඉනිම නොබිඳිව තබා ගත්තේ ස්ටාර්ස් පිලේ පන්දු රකින්නන් ද ලබා දුන් තල්ලුව හේතුවෙනි. පිට පිට පන්දු දෙකකදී මැතිව්ස්ට සහ මොහොමඩ් නබීට ලබා දුන් උඩ පන්දු ගිලිහී යෑමේ වාසියෙන් තවත් ලකුණු 11 ක් සිය ඉනිමට එකතු කර ගැනීමට වනිඳු ට අවස්ථාව උදාවිය.

එම ඉනිම ක්‍රියාත්මක වද්දී අෂේන් බණ්ඩාරට එකතු වූ වනිඳු, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී එක් කරන ලද ලකුණු 92 ක සම්බන්ධතාවයේ වටිනාකම කියා නිම කළ නොහැක. සිය නායකයාට රිසි සේ පහරවල් කරා යන අයුරු අනෙක් අන්තයේ සිට බලා සිටි අෂේන් කලබලයකින් තොරව කණ්ඩායමට අවශ්‍ය සේවය ඉටු කළේය. මුහුණ දුන් 42 වැනි පන්දුවේදී බණ්ඩාර දැවී යනවිටත් ලබා සිටි ලකුණු 40 සදහා එල්ල කර තිබුණේ හතරේ පහර 2 ක් පමණි.

අද දිනයේදීත් වේග පන්දුවෙන් කැපී පෙනුණු කසුන් රජිත, 18 වැනි පන්දුවාරයේදී යළිත් පන්දුව අතට ගනිමින් අෂේන් බණ්ඩාරවත්, ඊළඟ පන්දුවේදී ෆේබියන් ඇලන්වත් දවා ගනිමින් තම පන්දුවාර 4 නිමා කරන ලද්දේ ලකුණු 20 කට කඩුලු 4 ක් ලෙසිනි.මෙම දක්ෂතාවය නිසා තරගයේ වීරයා සම්මානයද කසුන් රාජිතට හිමිවිය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest