slc
Home   |    News
දෙසැම්බර් 17, 2022
වාර්තාගත ජයකින් දඹුල්ල බලාපොරොත්තු රඳවා ගනියි

sinhala editor

Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් වාර්තා කරන ලද ළාබාලතම පිතිකරුවාගේ වාර්තාව තම නම ඉදිරියෙන් ලියාගත් ෂෙවෝන් ඩැනියල්, ජෝර්ඩ්න් කොක්ස් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද වාර්තාගත ලකුණු 163 ක සම්බන්ධතාව පෙරටු කොට ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 48 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා පිල අද (17 දා) පස්වරුවේ සමත්විය.

අදාළ තරග ජයග්‍රහණය දඹුල්ල අවුරා කණ්ඩායම මෙවර තරගාවලියේ වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය. මේ සමඟම ඔවුන්ට අවසන් කණ්ඩායම් 4 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාව උදාවිය.

ලකුණු 179 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 19 කුත් පන්දු 4 ක් අවසානයේදී ලකුණු 130 කට සීමා කරන ලද්දේ මෙතෙක් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම දක්වන ලද හොඳම පන්දු යැවීම මෙන්ම හොදම පන්දු රැකීමද පෙන්නුම් කරමිනි.

ගෝල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ තනුක දාබරේව පිළිවෙලින් දසුන් ශානක සහ ප්‍රමෝද් මදුශාන් දවා ගන්නා විට ලකුණු පුවරුව 05 ක් ලෙසින් සටහන්ව තිබිණ. පෙරමුණ පෙරැළුණු තරගයේදී දිගින් දිගටම ග්‍රහණය තර කළ අවුරා පන්දු යවන්නෝ එකම එකදු ග්ලැඩියේටර්වරයකුට ලකුනු 32 සීමාව පසුකර යෑමට අවස්ථාව ලබා නොදුන්හ. වැඩිම ලකුණු ලාභියා වූයේ ළහිරු උදාර (32) පමණි.

පන්දු යැවීමේදී කැපී පෙනුණු ප්‍රමෝදු දුශාන් ලකුණු 17 කදී කඩුලු 3 ක් දවා ගත්තේ අසාද් ශෆික්ගේද කඩුල්ල දවා ගනිමිනි. දසුන් ශානක ලකුණු 10 කට එක් කඩුල්ලක් දවා ගනිද්දී සිකන්දර් රාසා ලකුනු 05 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමට 19 වැනි පන්දුවාරය තෙක් දශමයක වැරද්දක් සිදුවූයේ නැත. පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු 46 ක් රැස් කර ගන්නා කොක්ස් සහ ඩැනියල් අද රැස් කරන ලද ලද ලකුණු 163 තරග ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලකට වාර්තා වුණු හොඳම සම්බන්ධතාව විය. මෙම සම්බන්ධතාව නිසා අද දෙවැනියට පත් වූයේ පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ‌ෆ්ලෙචර් දෙදෙනා එක්ව කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 156 ක සම්බන්ධතාව විය.

ඉනිමේ වැඩිම ලාභියා බවට පත්වූයේ ෂෙවෝන් ඩැනියල් වුවත් ආරම්භයේදී ඔහු ජෝර්ඩ්න් කොක්ස්ට මුවාව ලකුණු රැස් කළේය. පන්දු 39 කදී කොකස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරද්දී ඩැනියෙල් පන්දු 32 කදී ලකුණු 33 ක් ලබා සිටියේය. තවමත් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කරනු ලබන ඩැනියෙල් අද දිනයේදී එල්.පී.එල්. තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් වාර්තා කර ගත් ළාබාළතමයා බවට පත් වද්දී ඔහුගේ වයස අවුරුදු 18 කුත් දින 277 ක් විය. 19 වැනි පන්දුවාරයේදී කොක්ස් ලකුණු 77 කට දැවී ගිය නමුත් පිතිකරණයේ දිගටම රැඳුණු ඩැනියෙල් තම ඉනිම ලකුණු 80 ක් දක්වා ඉහළ දමා ගත්තේ පන්දු 55 කට මුහුණ දෙමිනි. ෂේවොන් ලබාගත් ලකුණු 80 න් ලකුණු 50 ක්ම හයේ (5) සහ හතරේ (5) පහර වලින් ලබා ගත් ඒවාය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest