slc
Home   |    News
දෙසැම්බර් 6, 2022
තෙවැනි LPL සංග්‍රාමය ඇර‌ඹෙයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් දින 18 ක් මුලුල්ලේ ක්‍රීඩාංගණ 3 ක පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තෙවැනි අදියර ආරම්භ කරමින් පැවැති චාම් සමාරම්භක උළෙලින් පසු පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර් නායක කුසල් මෙන්ඩිස් අද (06 දා) සමත්විය. වැසි බර කාල ගුණික තත්ත්වයක් යටතේ හම්බනතොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ලකුණු හඹා ගොස් ජය ගැනීම වාසි දායක බව ගෝල් ග්ලැඩියේටර් නායකයාගේ විශ්වාසය වී තිබේ.

මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි ද්විත්වයේම ශූරතාව දිනා ගනිමින් පිට පිටම තෙවැනි වතාවටත් ශූරතාව දිනා ගැනීම ජැෆ්නා කිංග්ස් කණ්ඩාය‌මේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ. මොවුන් ඉකුත් වර අවසන් මහ තරගයේ එකිනෙකාට එදිරිවාදීන් බවට පත් වුවද මෙවර තරග වාරයේදී ඔවුන් සතුව තිබූ ප්‍රධානම අවි හෙවත් ක්‍රීඩකයින් වෙනත් කණ්ඩායම් සඳහා තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

ජැෆ්නා කණ්ඩායමේ විශාලතම පාඩුව බවට පත්ව ඇත්තේ ඔවුන් සතු ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, මෙවර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙයි. කෙසේ වෙතත් ඔහුගේ අඩුපාඩුව මඟා ගැනීමට කැන්ඩි කිංග්ස් සුපුරුදු නායකයා වන තිසර පෙරේරාගේ අදහස වී ඇත්තේ වනිඳුගෙන් වන පා දඟ  පන්දු යවන්නාගේ අඩුව විජයකාන්ත් වියස්කාන්ත්ගෙන් පිරිමසා ගැනීමටය.

මින් පෙර පැවැති තරගාවලිවලදී විජයකාන්තා මූලික වටයේ අවසන් තරග වලට පමණක් ක්‍රීඩා කරද මෙවර තරගාවලියේදී ඔහුට වැඩි වගකීමක් භාර දෙමින් පළමු තරගයකටම ක්‍රීඩා කරවීමට කටයුතු කිරීම කැපී පෙනෙයි. ඊට අමතරව මීට පෙර වනිඳුගේ වැඩිමහල් සොහොයුරා වුණු චතුරංග ද සිල්වාගේ අඩුව මකා ගැනීමට ඔවුන්ගේ ආදේශකය වී ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව ක්‍රීඩා කරවීමයි.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී දණ හිසේ ආබාදයකට ගොදුරු වුණු අවිශ්ක ප්‍රනාන්දු මාස කීපයකට පසු පළමු වතාවට තරගයකට ක්‍රීඩා කරන්නේ අද තරගයේදීය. ඔහුට අමතරව ධනංජය ද සිල්වා, ෂොයෙබ් මලික්, රාමනුල්ලා ගුර්බාස්, ටොම් කැඩ්මෝර් ඔවුන් සතු පිතිකරණ බලාපොරොත්තුය.

ගෝල් ග්ලැඩියේටර් පිල ගත් විට ගෙවී ගිය තරගාවලි දේක්දීම නායකයා ලෙසින් කටයුතු කළ භානුක රාජපක්ෂ‌ගේ සුක්ඛානම මෙවර හසුරවනු ලබන්නේ කුසල් මෙන්ඩිස් විසිනි. මෙම කණ්ඩායමට කුසල් පෙරේරා ඇතුළත්ව සිටියද අද තරගයට ක්‍රීඩා කරන 11 දෙනා අතරට ඔහුව එක් කොට නොමැත.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් කඩුලු රැකීමේ කර්තව්‍ය අසාම් ඛාන් විසින් සිදුකරන අතර නුවනිදු ප්‍රනාන්දු, මොවින් සුබසිංහ, සම්මු අශාන් සහ ඉෆ්තිකාර් අහමඩ්ට පිතිකරණයෙන් වැඩි වගකීම් හිමිව තිබේ.

ගෝල් ග්ලැඩියේටර් – කුසල් මෙන්ඩිස්, අසාම් ඛාන්, නුවනිඳු ප්‍රනාන්දු, ඉෆ්තිකාර් අහමඩ්, සම්මු අශාන්, මොවින් සුබසිංහ, ඉමාද් වසීම්, පුලින තරංග, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප්, වහාබ් රියාස්.

ජැෆ්නා කිංග්ස් – අවිශ්ක ප්‍රනාන්දු, ටොම් කැඩ්මෝර්, රාමනුල්ලා ගුර්බාස්, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, ජේම්ස් ෆුලර්, ‌ෂොයෙබ් මලික්, මහීෂ් තීක්ෂණ, විජයකාන්තා වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest