slc
Home   |    News
දෙසැම්බර් 21, 2022
20 හැවිරිදි මැතිව් ෆෝඩ්   පෑ විකුම්

sinhala editor

දඹුල්ල  අවුරා  – ගෝල්  ග්ලැඩියේටර්ස්  තරගයේ    දක්ෂතම ක්‍රීඩකයා  ලෙස  තේරුණු  දඹුල්ල  අවුරා කණ්ඩායමේ  තුන්  ඉරියව්    ක්‍රීඩක    20 හැවිරිදි   මැතිව්    ෆෝඩ්    එම     තරගයේදී   දැක්වු     දස්කම්     අපගේ   පාසල්    තරුණ    ක්‍රීකයනට    කදිම   ආදර්ශයකි .

ක්‍රීඩා කිරීම සදහා ලැබෙන සෑම අවස්ථාවකම සියයට  සියයක  දායකත්වයක්    ඊට ලබාදීම  තම අපේක්ෂාව වන  අතර    දඹුල්ල අවුරා ගෝල් ග්ලැඩියේටර්  තරගයේදීත් තමා සිදු කළේ   එම  කාර්යයම  යැයි තරගයෙන් පසුව   මැතිව් ෆෝඩ් ප්‍රකාශ කළේය .

මුලින්ම  ගෝල්  කණ්ඩායම  පන්දුවට පහරදෙන    අවස්ථාවේ  පවර්  ප්ලේ (පළමු  ඕවර් හය ) තුළ  පන්දු   යැවීමට තමාට  අවස්ථාව නොලැබුනත් සිව්වන  පන්දු යවන්නා ලෙස පන්දු යැවීමට තමා කැදවු  අවස්ථාවේ ගෝල්  අංක එක  ,දෙක  , තුන   පිතිකරුවන්  ඇතුළු පිතිකරුවන් හතර  දෙනෙකුම  ලකුණු  11 ක්  දීමෙන්  දවාලීමට  අවස්ථාව  උදාවුයේ    ක්‍රීඩාවට    තමා   දක්වන     කැපකිරීම සහ  සියයට සියයේ  දායකත්වය මත යැයිද   ෆෝඩ්  පවසයි.

“අපට   ලැබුණේ   පන්දුවාර  11.2 කදී ලකුණු  130 ක්    රැස් කිරීමේ අසිරුම    ඉලක්කයක්.  මා  අංක    හතර  පිතිකරු    ලෙස    පිටියට යන විට  තවත් පන්දු  කිහිපයක්  අවසන්ව  තිබුණා.  මා  මගේ   ස්වභාවික   ක්‍රීඩා විලාශයේ යෙදෙමින්  පන්දු   30  කදී   හයේ    පහර  දෙකක්    සහ හතරේ  හයක්    සමග  ලකුණු   52ක්  රැස්කර අපගේ කණ්ඩායමට කඩුලු හතරක  ජයක්  ලබාදීමට    දායකත්වයක්ත්වය දීමට    හැකි  වීම පිළිබඳව  සතුටු වනවා”  යැයිද   ෆෝර්ඩ් කීය.

ගෝල්     ඇතුලු    කිසිවෙකු පරදින්නට    ක්‍රීඩා    නොකරණ  බව කී   මැතිව් ෆෝඩ්  ඔවුන්  සතුව    මනා   සැළසුමක් තිබු නමුත් අවශ්‍ය ඉලක්කය  කරා   පන්දුවාර  11.1 කදී    යාමට   නොහැකි වූ  බවද  කීය.

නුවන්    තුෂාර    හොදින්   පන්දු   යැවු  බව  පවසන    මැතිව් ෆෝඩ් සමස්තයක්  ලෙස    මේ     තරගාවලිය තුළ    ශ්‍රී ලංකාවේ තරුණ දක්ෂ ක්‍රීඩකයන් රැසකගේ  දක්ෂතා දුටු  බවද    කිවේය.   මැතිව්    ෆෝඩ්    මේ  වන  විට      බටහිර    ඉන්දීය    කොදෙව් දුපත් අවුරුදු 19න් පහළ කණ්ඩායම කැරිබින් ලීග්  සහ   බාබඩෝස්  කණ්ඩායම් නියෝජනය කර සිටී.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest