slc
logo
Home   |    News
දෙසැම්බර් 21, 2022
LPL අවසන් සිව්දෙනාගේ සටන නොමිලේ නැරඹීමට අවස්ථාව

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ අදියර ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරග වලදී ‘සී’ සහ ‘ඩී’ පහළ ප්‍රේක්ෂකාගාර නොමිලේ තරග නැරඹීම විවෘතව තැබෙනු ඇත.

මෙහිදී පිවිසුම් අංක 06 හරහා සී සහ ඩී යන කුටිවලට ඇතුළුවිය හැකි වන අතර එය ප.ව. 1.00 සිට විවෘතව තැබෙනු ඇත. මේ අතර සී සහ ඩී ඉහළ මහළ සඳහා රු. 300 ක මුදලක්ද, ඒ සහ බී. පහළ සදහා රුපියල් 500 ක්ද, ඉහළ සදහා රු. 750 ක්ද අය කරනු ලැබේ. මීට අමතරව ග්‍රෑන්ඩ් ස්ටෑන්ස් ප්‍රවේශ පත්‍ර රු. 1500 ක මුදලකට අලෙවි කෙරෙනු ඇත.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee