slc
logo
Home   |    News
ජනවාරි 7, 2023
ආසියානු ශූරයින් ‘බී’ කාණ්ඩයට

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මසදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් බැවින් එය ඉලක්ක කොට මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.

වර්තමාන ආසියානු ශූරයින් බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින අතර, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තනය සෙසු රටවල් බවට පත්ව සිටිති. ආසියානු කුසලාන තරගාවලිය කණ්ඩායම් 6 කගෙන් සමන්විත පැවැත්වෙන අතර ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රාහකයින් ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.  

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය පවතින්නේ පාකිස්තානයට වුවත්, එහි ගොස් තරග කිරීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලිය පවත්වනු ලබන රට පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකිව ආසියානු ක්‍රිකට් බලධාරීහු අසරණවී සිටිති.

තරගාවලියේ දින වකවානු තින්දු වුවත් පැවැත්වෙන රට තවමත් ආසියානු කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර නොමැතිවීම විශේෂත්වයකි. පාකිස්තානයත් ඉන්දියාවත් අතර පවතින කඹ ඇදිල්ල මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබේ.

මොවුන් දෙපිරිස අතර ආරවුල කෙතරම් දුර දිග ගියේද කිවහොත්, එවකට පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ රමීස් රාජා විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට විරෝධය පළ කරමින් සඳහන් කර සිටියේ ඉන්දියානු පිල පාකිස්තානයට නොපැමි‌ණෙන්නේ නම් පාකිස්තානු පිලද ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට නොයන බවයි. එහෙත් මේ වනවිට පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නජම් සෙති පත්ව සිටින බැවින් එකී තත්ත්වය යම් තරමක් හෝ දුරට සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Active filters

Recent Posts

  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එක්දින තරගාවලියත් කළින්ම ජය ගනිති
    ශ්‍රී ලංකා ‘ඒ ‘ – ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ද අද (03) කඩුලු හතරක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අමෙරිකාවත් පරාජය කරයි
    අබුඩාබිහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිකුරාදා (03) අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීය. […]
  • නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් ශූරතාව ගාල්ලට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම දිනා ගැනීටම සම්තවිය.  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee