slc
Home   |    News
ජනවාරි 28, 2023
දඹුල්ල ජය පෙනෙන මායිමට

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය වූ මෙම සතියේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී යාපනය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ආසන්නයටම පැමිණීමට දඹුල්ල කණ්ඩායම සමත්ව සිටියි. ලකුණු 199 ක ඉලක්කයක් හඹා යමින් සිටින දඹුල්ල කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 154 ක් ලබා සිටින්නේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණ 45 ක් මෑතින් සිටිමිනි.

දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් පළමු ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ මිනෝද් භානුක යළිත් සාර්ථක වෙමින් ලකුණු 55 ක් ලබා ගත්තේය.

යාපනය කණ්ඩායම පළමු ඉනිම ලකුණු 62 කට දැවී ගියද දෙවැනි ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක නියැළෙමින් ලකුණු 349 ක් රැස් කර ගැනීමට සමත්විය. ඒ වෙනුවෙන් පිතිකරුවන් තිදෙනෙකු අර්ධ ශතක වාර්තා කළ අතර නවෝද් පරණවිතාන (64), රොන් චන්ද්‍රගුප්ත (57) සහ රවිදු ප්‍රනාන්දු (64) එම පිතිකරුවෝ වූහ.

ජැෆ්නා කණ්ඩායමට මෙම තරගයේදී සිදුවූ දැවැන්තම පාඩුව බවට පත්වූයේ පළමු ඉනිම ලකුනු 62 කට සීමාවීමය. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු විශ්ව ප්‍රනාන්දු ලකුණු 14කට කඩුලු 5 ක්ද අසිත ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුල 4 ක්ද දවාලමින් පන්දුවෙන් කැපී පෙනිණ. දෙවැනි ඉනිමේදීද සාර්ථක වුණු අසිත ප්‍රනාන්දු ලකුණු 64කට කඩුලු 3 ක් දවාලීය.

ජැෆ්නා පළමු ඉනිම 62 යි – (කසුන් අබේරත්න 16, ළහිරු මදුශංක 10, රවිදු ප්‍රනාන්ද 13, විශ්ව ප්‍රනාන්දු 14/5, අසිත ප්‍රනාන්දු 24/4) සහ දෙවැනි ඉනිම 349 යි – (රොන් චන්ද්‍රගුප්ත 67, නවෝද් පරණවිතාන 64, සුඛිත මනෝජ් 15, මාධව වර්ණපුර 46, ළහිරු මදුශංක 18, රවිදු ප්‍රනාන්දු 64, නිපුන් මාලිංග 38, අසිත ප්‍රනාන්දු 64/3, අශාන් ප්‍රියන්ජන් 76/2, දුවිදු තිලකරත්න 72/3)

දඹුල්ල පළමු ඉනිම 349 යි – (මිනෝද් භානුක 67, නිමේෂ් ගුණසිංහ 10, රනිත ලියනආරච්චි 51, සනෝජ් දර්ශික 18, විශ්ව පුනාන්ද 25*, යසිරු රුද්‍රිගෝ 52/3, නිපුන් මාලිංග 39/2, එෂාන් මාලිංග 39/2, දිලුම් සුධීර 18/2) සහ දෙවැනි ඉනිම කඩුලු 4 ට ලකුණු 154 යි – (මිනෝද් භානුක 55, නිමේෂ් ගුණසිංහ11, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 15, ඩිලාන් ජයලත් 34, සනෝජ් දර්ශික 34*, රවිදු පනාන්දු 62/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest