slc
Home   |    News
ජනවාරි 14, 2023
පළමු ලෝක කුසලාන තරගයම බාළිකාවෝ ජය ලබති

sinhala editor

ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සහභාගි වූ පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන්ම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා බාළිකාවෝ පළමු ලෝක කුසලාන තරග ජයග්‍රහණය වාර්තා කිරීමට අද ( 23 දා) සමත්වූහ.

බෙනෝනිහි පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 96 ක් ලැබිය. ඇමරිකානු කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් වූ පන්දු යවන්නිය බවට පත්වූයේ දෙව්මි විහංගා වන අතර ඇය පන්දුවාර 4 දී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 11 කට කඩුලු 3 ක් බිඳ හෙළුවාය.

පළමු කඩුල්ල ලෙස ලසාය මුල්පුඩි දවා ගත් දෙව්මි අනතුරුව සිඝා පෝල් සහ නායිකා ගීතිකා කොඩලි දවා ගනිමින් තම කඩුලු 3 සම්පූර්ණ කර ගත්තේය. මෙම තරගයට පෙර පැවැති පුහුණු තරග වලදී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්ද වාර්තා කර ගැනීමට දෙව්මි සමත්වී ඇති බැවින් තරගාවලියේ වැඩිම අවධානයක් දිනා සිටින ක්‍රීඩිකාවන් අතරට එක්වීමට සමත්ව සිටින්නීය.

ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභීණිය වූයේ සිතූ සිං වන අතර ඇය පන්දු 23 කදී ලකුණු 22 ක් ලබාගත්තාය. දෙව්මි හැරුණු වීට වමත් දඟ පන්දු යවන්නිය වන විදුෂිකා පෙරේරා ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස නෙත්මි සේනාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 08 ක්ව තිබියදී දැවී ගිය නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද විශ්මි ගුණනරත්න ප්‍රධාන ශ්‍රී ලංකා පිතිකාරිණියන් ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරය අවසානයේදී ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 6 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉලක්කය සපුරා ගන්නා විට ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නියන් දවාගැනීමට සමත්ව සිටියේ ඩුලු 3 කි.

රිතූ සිංහගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ මනුදි නානායක්කාර  ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 31 කදී ලකුණු 32 ක්ද නායිකා විශ්මි ගුණරත්න පන්දු 40 කදී ලකුණු 34 ක් ද ලබා සිටියහ. නායිකාවට වඩා ප්‍රහාරාත්මක වුණු මනුදි සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරද්දී නායිකාව හතරේ පහර 2 කින් පමණක් සිය ඉනිම සරසා ගත්තාය.

පළමු කඩුල්ල දැවී යෑමෙන් පිටියට එක් වුණු සුමුදු නිසංසලා (14) සහ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ලට ලකුණු 24 ක් එක් කළහ. සුමුදු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දෙව්මි විහංගා ලකුණු 10 කට දැවී යද්දී විශ්මි සහ මනුදි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 96 යි – (රිතූ සිං 22, ඩීෂා දින්ග්‍රා 18, ගීතිකා කොඩලි 11, දෙව්මි විහංගා 11/3, විදුෂිකා පෙරේරා 15/2)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 3 ට ලකුණු 100 යි – (විශ්මි ගුණරත්න (නොදැවී) 34, මනුදි නානායක්කාර (නොදැවී) 32, සුමුදු නිසංසලා 14, දෙව්මි විහංගා 10, භූමිකා බද්‍රිරාජු 17/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest