slc
logo
Home   |    News
ජනවාරි 3, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කාර්යය බහුල සමයක්

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින ටෙස්ට් තරග 2 කට සහ නිල නොවන එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්ත ග්‍රෑන්ඩ් ලයන්ස් පිල ජනවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

සිව්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියට පෙර එංගලන්ත ග්‍රෑන්ඩ් ලයන්ස් පිල තුන් දින සිව්දින තරගයකට සහභාගිවීමට නියමිත අතර එම තරගය ජනවාරි 25 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

පළමු සිව්දින තරගය ජනවාරි 31 වැනිදා ද දෙවැන්න පෙබරවාරි 07 වැනිදාද ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 15, 18 සහ 21 යන ‌දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee