slc
logo
Home   |    News
ජනවාරි 28, 2023
සංගීත්ගේ ශතකයෙන් ගෝල් හිස ඔසවයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (27) පී. සරා ඕවල් පිටියේ පැවැති ගෝල් හා කැන්ඩි කණ්ඩායම් අතර තරගයේදී ගෝල් පළමු ඉනිමට ලකුණු 365ක් රැස් කිරීම හේතුවෙන් දෙවැනි ඉනිමට පන්දුවට පහරදෙන කැන්ඩි පිල කඩුලු 9ක් අතැතිව ලකුණු 54ක් පසුපසින් සිටියි.

මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි පිල ලකුණු 290ක් රැස්කර ගත් අතර, දෙවැනි දිනට තරගය නිමා කරද්දී කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියේය.

ගෝල් පළමු ඉනිම ඉහළට ඔසවා තැබූ ආරම්භක පිතිකරු සංගීත් කුරේ අගනා ලකුණු 132ක් වාර්තා කිරීමට සමත් විය. ඔහු පන්දු 207කට මුහුණ දී හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් එල්ල කොට කැන්ඩි පන්දු යවන්නන් මෙල්ල කළේය. ඔහුට අනගි සහයක් දුන් ලක්ෂාන් එදිරිසිංහ පන්දු 91කදී හයේ 2ක් හා හතරේ 8ක් සමග ලකුණු 70ක් ලබා ගත්තේය. මේ දෙදෙනා අතර දෙවැනි කඩුල්ල සඳහා  සම්බන්ධතාව ලකුණු 144ක් විය. අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44ක් හා විශාද් රන්දික පන්දු 68කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 53ක් රැස් කළහ.  පන්දු යැවීමේදී වනුජ සහන් කුමාර හා නිපුන් රන්සික කඩුලු 3 බැගින් දවා ගත්හ.

කැන්ඩි – පළමු ඉනිමට ලකුණු 290යි (ඕවර් 65.5)පරාක්‍රම උදයවංශ 49, කසුන් විදුර 16, සදුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, මොවින් සුබසිංහ 30 ( අසංක මනෝජ් 31/4, රමේෂ් මෙන්ඩිස් 63/2,  කවිෂ්ක අංජුල 56/2)

ගෝල් – පළමු ඉනිමට ලකුණු 365යි (ඕවර් 93.5) සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, ධනංජය ලක්ෂාන් 16, විශාද් රන්දික 53, මොහොමඩ් ෂිරාස් නොදැවී 15 ( නිපුන් රන්සික 85/3, ලසඳ රුක්මාල් 38/1, වනුජ සහන් කුමාර 105/3, අශේන් බැනියෙල් 83/1, මොවින් සුබසිංහ 16/1, සදුන් වීරක්කොඩි 11/1)

කැන්ඩි – දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 21යි (ඕවර් 8) කසුන් විදුර නොදැවී 14 ( ප්‍රවීන් ජයවික්‍රම 1/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee