slc
Home   |    News
පෙබරවාරි 18, 2023
දඹුල්ල ලකුණු 363ක් ඉදිරියෙන්

sinhala editor

දඹුල්ල පිලේ දකුණත් මඳ වේග පන්දු යවන ළහිරු සමරකෝන් කඩුලු 6ක් හා වනිදු හසරංග කඩුලු 2ක් දවා ගෙන කළම්බු පිල පළමු ඉනිමේ ලකුණු 257කට සීමා කිරීම හේතුවෙන් අද තෙවැනි දිනය නිමාවෙද්දී තරගය පුරා දඹුල්ල පිල ලකුණු 363ක් ඉදිරියට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වතාවටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල හා කළම්බු අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී දඔුල්ල පළමු ඉනිමට ලකුණු 341ක් ලබාගත් අතර  තෙවැනි දිනය නිමාවේදී දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 279ක් ලබා සිටියේය.

දඹුල්ල පිලට පළමු ඉනිමේදී ලකුණු 73ක් එක්කළ මිනෝද් භානුක දෙවැනි ඉනිමේදී ශතකයක් එක්රමින් විශාල දායකත්වයක් ලබාදෙමින් සිටී. මිනෝද් පන්දු 133කදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 108ක් ලබා සිටින අතර, මෙවර තරගාවලියේ ඔහුගේ පළමු ශතකතය වාර්තා කළේය. ඔහු මෙතෙක් මෙම තරගාවලියේ අර්ධ ශතක තුනක් ලබා සිටී. දඹුල්ල අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි වනිදු හසරංග කළම්බු පන්දු යවන්නන් තුටුවකට හෝ මායිම් නොකර හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමග පන්දු 28කදී ලකුණු 40ක් ලබා ගැනීම නරඹන්නන්ගේ ආශ්වාදයට හේතුවිය.

ඊයේ( 17) දෙවැනි දිනට තරගය නතර කරද්දී කළම්බු පිල පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා සිටි අතර, ඔවුහූ අද දිනයේ තවත් ලකුණු 49කට සීමා කිරීමට දඹුල්ල පිල සමත් විය. ඉනිම පුරා ප්‍රබල පන්දු යැවීමක නිරත වූ ළහිරු සමරකෝන් ලකුණු 63කට කඩුලු 6ක් බිදහෙලීමට සමත් විය. එය මෙවර මෙම තරගාවලියේ ඉනිමක හොදම පන්දු යැවීම වේ. මෙයට පෙර ලසිත් ඇඹුල්දෙනිය ඉනිමකදී ලකුණු 26කට කඩුලු 5ක් බිදහෙලා තිබිණි.

කළම්බු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් රොෂේන් සිල්වා කෙලින්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට වනිදු හසරංග සමත් වූ අතර, රොෂේන් පන්දු 152කට මුහුණදී හතරේ පහර 4ක් සමග ලකුණු 65ක් ලබා ගත්තේය.

කාසියේ වාසිය කළම්බු පිලට හිමිවූ අතර ඔවුන්ගේ ආරාධනාවෙන් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීම ආරම්භ කළේය.

දඹුල්ල – පළමු ඉනිමට ලකුණු 341යි (ඕවර් 105) – නිමේෂ් ගුණසිංහ 19, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, සනෝජ් දර්ශික 43, මිනෝද් භානුක 73, අශාන් ප්‍රියංජන නොදැවී 114, චමිඳු විජේසිංහ 27, රනිත් ලියනාරච්චි නොදැවී 23 ( හිමේෂ් රාමනායක 76/4, නුවන් ප්‍රදීප් 67/2, දුෂාන් විමුක්ති 72/2, තරිදු රත්නායක 60/1)

කළම්බු පළමු ඉනිමට ලකුණු  257යි (ඕවර් 85.2)- ක්‍රිෂාන් සංජුල 57, නවින්දු නිර්මාල් 46, රොෂේන් සිල්වා නොදැවී 65, ලක්ෂිත මනසිංහ 20, ප්‍රමෝද් මධුවන්ත 24, තරිදු රත්නායක 23 ( ළහිරු සමරකෝන් 63/6, වනිදු හසරංග 70/2, දෙවිදු තිලකරත්න 37/1, අශාන් ප්‍රියංජන 23/1)

දඹුල්ල – දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 279යි (ඕවර් 72) – නිමේෂ් ගුණසිංහ 17, සනෝජ් දර්ශික 29, මිනෝද් භානුක නොදැවී 108, අශාන් ප්‍රියංජන 32, වනිදු හසරංග 40, චමිඳු විජේසිංහ නොදැවී 38 ( දුෂාන් විමුක්ති 64/3, තරිදු රත්නායක 73/2, ලක්ෂිත මනසිංහ 60/1)

 

 

 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest