slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2023
රදැල්ලේ පුහුණු පහසුකම් ගැන සියල්ලෝම සතුටින්

sinhala editor

නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කොට ගෙන පුහුණුවීම් සිදුකිරීම සදහා රදැල්ල ක්‍රීඩාංගණය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ නායක දිමුත් කරුණාරත්න ඉමහත් සතුටට පත්ව සිටිති.

නවසීලන්තයේ ඇති කාලගුණික තත්ත්වයන්ට සමාන කාලගුණික තත්ත්වයන් පැවැතීම මෙන්ම නවසීලන්තයේ පවතින වේගවත් තණතීරු ආකාරයේම තණතීරුද රදැල්ල ක්‍රීඩාංගණයේ සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම හරහා ක්‍රීඩකයින්ට එහි ගොස් තරග කිරීම සඳහා විශාල අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 16 වැනිදා රදැල්ල බලා පිටත්ව ගිය අතර සතියක පුහුණු සැසියකින් අනතුරුව අද (23 දා) යළි කොළඹ බලා පැමිණෙනු ඇත. ඒ අතරතුර කාලයේදී තණතීරුවෙන් සපයන ලද පන්දුවේ වේගය, ඉපිලීම මෙන්ම දෝලනය පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමට සාර්ථක වේදිකාවක් සපයනු ලැබීය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටින්නේ රදැල්ල තණතීරුව නවසීලන්තයේ තණතීරු නේම වේගවත් සහ ඉපිලීමකින් යුක්ත වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඒ පිළිබඳව ඉතා හොඳ පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව උදාවූ බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්න ද සඳහන් කර සිටියේ, මෙම අවස්ථාව තමන් ඇතුළු කණ්ඩායමට නවසීලන්තයේ තරග කිරීමට ලොකු අත්වැළක් සැපයූ බවයි. “රදැල්ලේ පුහුණුවීම් කරන එකේ මූලික බලාපොරොත්තුව වුනේ නවසීලන්ත තරගාවලියට පෙර සූදානම් වීම සඳහායි. එහේ තත්ත්වයන්ට විශේෂයෙන්ම දේශගුණික මෙන්ම තණතීරුවලට. මෙහිදී පන්දු යවන්නන් කොහොමද මේ තත්ත්වයන් යටතේ පන්දු යවන්නේ පිතිකරුවන් කොහොමද පනදුවට පහර දිය යුත්තේ කියන එක ගැන අපිට ගොඩක් අදහස් ලබා ගැනීමට හැකියාව ලැබුණා”.

“ඒ වගේම අපිට හොද තණතීරු ලැබිලා තියෙනවා. එ්වා ගොඩක් දුරට නවසීලන්තයේ පවතින තණතීරු හා සමාන ඒව. මං හිතනවා මේක ලොකු උදව්වක් වෙනවා අපිට නවසීලන් තරග සංචාරයට හොඳින් තරග වැදීමට” යනුවෙන් දිමුත් පවසයි.

“සෑහෙන්න සීතලක් තිබ්බා. ඒ වගේම වේග පන්දු යවන්න්න ගොඩක් හොඳ  පුහුණුවීමක් මෙහි ලබා ගත්තා. මොකද රස්නෙ තත්ත්වයන් වල පන්දු යවනවා වගේ නොවෙයි සීතලේ බෝල් කරන්න ටිකක් ආමරුයි. ඒ වගේම ස්පිනර්ස්ලාත් බෝලෙ ග්‍රිප් කරන එක ඒ වගේ දේවල් සෑහෙන දේවල් මේ පුහුණු සැසියෙන් ලබා ගත්තා. කණ්ඩායමේ ඉන්නේ ගොඩක් තරුණ ක්‍රීඩකයෝ. ඒ වගේම එයාලා මීට පෙර නවසීලන්තයේ සංචාරය කරලා නෑ. ඒ නිසා නවසීලන්තයටයන්න කළින් එයාලට මේ අත්දැකීම ලැබුණු එක ඉතාම හොඳයි” යැයිද දිමුත් සදහන් කර සිටියේය.

මේ අතර කණ්ඩායමේ පසුවන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ද සදහන් කර සිටියේ ලැබුණු අවස්ථාව ඉතාම හොද එකක් බවයි. “මේ පුහුණුව අපිට අතිශයින්ම වැදගත් වුණා. මොකද මේ සීත කාලගුණය ඉතාමත්ම සමීපයි නවසීලන්ත කාලගුණයට. ඒ වගේම පොඩි වැස්සක් තියෙනවා. කොළඹදි ඒ දේ අපිට ලබා ගන්න බෑ. ඒ නිසා මං හිතන්නේ මේක ඉතාමත්ම හොඳ අවස්ථාවක් නවසීලන්තයට පෙර අපිට ලැබුණු. මේ වෙනුවෙන් තණතීරු සකසන්නන් මෙන්ම ක්‍රීඩාංගණයේ සියලු දොම ඉතාම හොද කර්තව්‍යයක් සිදුකරලා තියෙනවා. ඔවුන්ට මම ස්තූතිවන්ත විය යුතු කෙටි කාලයක් ඇතුළත මේ දේවල් ලෑස්ති කරලා දුන්නට” යනුවෙනි.

මීට අමතරව කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වන දර්ශන ගමගේ සහ පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රමද අදහස් දක්වමින් සඳහන් කර සිටින්නේ මේ ලැබුණු අවස්ථාව කණ්ඩායමට ඉතා වටිනා එකක් බවයි.

 

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar