slc
logo
Home   |    News
පෙබරවාරි 7, 2023
ලසිත් කෲස්පුල්ලේගෙන් වේගවත් පිතිහරඹයක්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Galle

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (08 දා) ආරම්භ වුණු දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගය අතරමග තාවකාලිකව නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 150 ක් ලබා සිටියි.

තවත් සති 3 ක කාලයකින් ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ජාතික කණ්ඩායම ශක්තිමත් කර ලීමේ අරමුණ ඇතිව මෙම තරගය යොදා ගැනීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බැවින් ඒ සදහා චාමික කරුනාරත්න, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රමව අද තරගය සඳහා කැඳවනු ලැබීය. ඊට අමතරව පළමු තරගයේදී ශතකයක් ලබා ගත් ඔෂධ ප්‍රනාන්දු වෙනුවට ලසිත් කෲස්පුල්ලේ අද තරගය සදහා ඇතුළත්ව සිටියි.

නිශාන් මදුශ්ක සමග ඉනිම ආරම්භ කළ ලසිත් කෲස්පුල්ලේ ඉනිමේ වැඩීම ලකුණු ලාභියා වෙමින් මේ වන විටත් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දෙන්නේ මෙවර තරග වාරයේ දෙවැනි ශතකය වාර්තා කර ගැනීමේ අභිමුවට පැමිණෙමිනි. තරගය නිමා කරන විට පන්දු 86 කට මුහුණ දුන් ලසිත් ලකුණු 96 ක් රැස් කරගෙන සිටියි. දුර්වල පන්දු දුටු විගස දෙසිතක් නොමැතිව වේගයෙන් පන්දුවට පහර දුන් දකුණත් ආරම්භක පිතිකරුවා එල්ල කරන ලද මනම් පුල් පහර 3 කින් සිය ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් කර ගත්තේය. ඊට අමතරව හතරේ පහර 12 කින්ද සිය ඉනිම ලසිත් වර්ණවත් කරගෙන තිබුණේ මදුෂ්ක මෙන් දිගු ගමනකට දොරගුලු විවර කර ගනිමිනි.

වර්ෂාව හේතුවෙන් තරගය නිමා කිරීමට පළමු හා දෙවැනි කඩුලු සදහා පිළිවෙළින් මදුශ්ක සමග ලකුණු 59 ක් සහ නුවනිඳු සමඟ ලකුණු 83 ක් රැස් කළ කෲස්පුල්ලේ දැන් පැමිණ සිටින්නේ මෙවර තරග වාරයේ දෙවැනි ශතකය අභිමුවටය. ලසිත් මීට පෙර එංගලන්ත ලයන්ස් පිල සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගයේ දෙවැනි ඉනිමේදී වේගවත් ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට කඩුලු 4 ක ජයක් කරා පාර කැපුවේය.
‘ඒ’ කණ්ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ නිශාන් මදුශ්ක වන අතර ඔහු ලකුණු 22 කදී ජොෂ් ටංග්ගේ පන්දුවක් හමුවේ ටොම් අබෙල් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාටම වැඩි වේලා කඩුල්ලේ රැදී සිටීමට සෑම් කුක් සහ මැතිව් ෆිෂර් අවසර ලබා නොදුන්හ. තරගය නිමා කරන විට කෲස්පුල්ලේ සමඟ නායක නිපන් ධනංජය නොදැවී ලකුණු 06 ක් ලබා සිටියි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee