slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2023
NSL එක්දින සටන මාර්තු 11 වැනිදා ඇරඹෙයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය් එක්දින තරගාවලිය මාර්තු මස 11 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී දිනකදී තරග දෙකක් පැවැත්වෙනු ඇත.

සමාරම්භය පල්ලකැලේ සහ රංගිරි දඹුලු ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන අතර අවසන් මහ තරගය ඇතුළු තරග කීපයක් කොළඹදී පැවැත්වෙනු ඇත.

කොළඹ, දඹුල්ල, යානය, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් තරග වදිනු ලබන මෙම තරගාවලියේදී රංගිරි සහ පල්ලකැලේ ක්‍රීඩාංගණ හැරුණු කොට කොළඹ එස්. එස්. සී., පී. සරවනමුත්තු සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවල පැවැත්වේන

අප්‍රේල් 03 වැනිදා මූලික වටයේ තරග අවසන් වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය අප්‍රේල් මස 06 වැනිදා විදුලි ආලෝක ධාරා මධ්‍යයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය මෙහෙයවනු ලබන්නේ දෙවැනි වතාවට ‌වේ. මෙහි අභිනව එක්දින තරගාවලිය ඉකුත් 2022 වසරේදී පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කණ්ඩායම සමත්විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest