slc
logo
Home   |    News
මාර්තු 27, 2023
කවිශ්ක අංජුල තරගයේ වීරයා වෙමින් ගෝල් දිනවයි

sinhala editor

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති යාපනයට එරෙහි තරගයේදී කඩුල්ලක තියූ ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම අද (26 දා) සමත්විය. ලකුණු 246 ක ඉලක්කයක් හඹාා ගිය ගෝල් කණ්ඩඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරග ජයග්‍රහණය කරන ලද්දේ කඩුලු 9 ක් දැවී ගොස්තිබියදීය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 245 ක් ලබා ගත්තේය. යාපනය වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත පන්දු 105 කදී හතරේ පහර 3 ක් මග ලකුණු 57 ක් ලබා ගත් අතර වේගවත් ඉනිමක නිරත වුණු ළහිරු මදුශංක පන්දු 41 කදී හයේ  පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී තිලංග උදේශනය සහ කවිශ්ක අංජුල කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි එම පිතිකරුවන් අතරින් පසිඳු සූරයබණ්ඩාර පන්දු 81 කදී හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 59 ක් ලබා ජයග්‍රාහණයට නැංගුරම බවට පත්විය. ඉනිමේ වැඩිය ලකුණු ලාභියා බවට පසිඳු පත්වද්දී මැද පෙළින් ශක්තියත් දුන් පැතුම් කුමාර පන්දු 69 කදී ලකුණු 57 ක් ලබා ජයග්‍රාහණය කරා රැගෙන යෑමේ අපමණ වෙහෙසක් ක්‍රීඩා කළේය. ඔවුන් දෙදෙනාට අතර 5 වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 85 කදී ලකුණු 78 ක් විය.

තරගයේ වීරයා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක කවිශ්ක අංජුලය. ඔහු පන්දු යවමින් ලකුණු 55 කට කඩුලු 2 ක් සහ පන්දුවට පහර දෙමින් ලකුණු 41 ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට දවැඩි දායකත්වයක් දැක්වීය.

ජැෆ්නා පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 245 යි – (නවෝද් පරණවිතාන 36, රොන් චන්ද්‍රගුප්ත 57, කසුන් අබේරත්න 36, ජනිත් ලියනගේ 36, ළහිරු මදුශංක 48*, තිලංග උදේශන 47/2, කවිශ්ක අංජුල 55/2)

ගෝල් පන්දුවාර 49.1 කදී කඩුලු 9 ට ලකුණු 249 යි – (සොහාන් ද ලිවේරා 37, පසිඳු සූරියබණ්ඩාර 59, පැතුම් කුමාර 57, කවිශ්ක අංජුල 41, ශිරාන්  ප්‍රනාන්දු 49/2, දිලුම් සුදීර 29/2)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar