slc
logo
Home   |    News
මාර්තු 27, 2023
කවිශ්ක අංජුල තරගයේ වීරයා වෙමින් ගෝල් දිනවයි

sinhala editor

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති යාපනයට එරෙහි තරගයේදී කඩුල්ලක තියූ ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම අද (26 දා) සමත්විය. ලකුණු 246 ක ඉලක්කයක් හඹාා ගිය ගෝල් කණ්ඩඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී තරග ජයග්‍රහණය කරන ලද්දේ කඩුලු 9 ක් දැවී ගොස්තිබියදීය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 245 ක් ලබා ගත්තේය. යාපනය වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත පන්දු 105 කදී හතරේ පහර 3 ක් මග ලකුණු 57 ක් ලබා ගත් අතර වේගවත් ඉනිමක නිරත වුණු ළහිරු මදුශංක පන්දු 41 කදී හයේ  පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 48 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී තිලංග උදේශනය සහ කවිශ්ක අංජුල කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි එම පිතිකරුවන් අතරින් පසිඳු සූරයබණ්ඩාර පන්දු 81 කදී හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 59 ක් ලබා ජයග්‍රාහණයට නැංගුරම බවට පත්විය. ඉනිමේ වැඩිය ලකුණු ලාභියා බවට පසිඳු පත්වද්දී මැද පෙළින් ශක්තියත් දුන් පැතුම් කුමාර පන්දු 69 කදී ලකුණු 57 ක් ලබා ජයග්‍රාහණය කරා රැගෙන යෑමේ අපමණ වෙහෙසක් ක්‍රීඩා කළේය. ඔවුන් දෙදෙනාට අතර 5 වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 85 කදී ලකුණු 78 ක් විය.

තරගයේ වීරයා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක කවිශ්ක අංජුලය. ඔහු පන්දු යවමින් ලකුණු 55 කට කඩුලු 2 ක් සහ පන්දුවට පහර දෙමින් ලකුණු 41 ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට දවැඩි දායකත්වයක් දැක්වීය.

ජැෆ්නා පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 245 යි – (නවෝද් පරණවිතාන 36, රොන් චන්ද්‍රගුප්ත 57, කසුන් අබේරත්න 36, ජනිත් ලියනගේ 36, ළහිරු මදුශංක 48*, තිලංග උදේශන 47/2, කවිශ්ක අංජුල 55/2)

ගෝල් පන්දුවාර 49.1 කදී කඩුලු 9 ට ලකුණු 249 යි – (සොහාන් ද ලිවේරා 37, පසිඳු සූරියබණ්ඩාර 59, පැතුම් කුමාර 57, කවිශ්ක අංජුල 41, ශිරාන්  ප්‍රනාන්දු 49/2, දිලුම් සුදීර 29/2)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar