slc
logo
Home   |    News
මාර්තු 11, 2023
ජැෆ්නා පිලට ඩක්වර්ත් – ලුවිස් පිහිට වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ජැෆ්නා පිලට ලකුණු 55ක ජයක් හිමි විය.

කාසියේ වාසිය දිනාගත් සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 233ක් රැස්කර ගත් අතර, ගෝල් පිල අයහපත් කාලගුණය මැද තරගය නවතා දමද්දී ඕවර් 32. 3කදී කඩුලු 9කට ලකුණු 171ක් ලබාසිටි හෙයින් මෙම පහසු ජයග්‍රහණය ජැෆ්නා පිල සතු විය.

ගෝල් පිලට ප්‍රබල තර්ජනයක් වෙමින් පන්දු යැවූ ප්‍රමෝද් ඹධුෂාන් කඩුලු 3ක්, රවිදු ප්‍රනාන්දු හා ළහිරු මධුසංඛ කඩුලු 2 බැගින් බිදහෙලීම කැපී පෙණුනි. ගෝල් පිලේ පළමු කඩුලු 3ක් ඕවර් 4.5ක් ගෙවෙද්දී දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නෝ සමත්වීමෙන් පීඩනය වැඩි විය. එම පීඩනය මැද යම් දුරකට හෝ සාර්තකත්වයක් දැක්වූ පසිදු සූරියබණ්ඩාර පන්දු 64කදී හතරේ 5ක් සමග ලකුණු 51ක් ලබාගත් අතර, පන්දු 37කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමග නොදැවී ලකුණු 60ක් ලබා ගැනීමට පැතුම් කුමාර සමත් විය.

ගෝල් ආරම්භක පන්දු යැවූ දිල්ෂාන් මධූසංඛ තරගය පුරා කඩුලු 5ක් ලබාගෙන ලබාදුන් තර්ජනය මැද ජැෆ්නා පිල ආරම්භයේ අසාර්ථකත්වයක් පෙන්නුම් කරමින් මුල් කඩුලු 3ක් ලකුණු 23කට දැවී ගිය අතර, නායක සධීර සමරවික්‍රම හා ජනිත් ලියනගේ සිව්වැනි කඩුල්ලට ලකුණු 122ක සම්බන්ධතාවක් ගොඩනගා ස්ථාවර තත්ත්වයකට රැගෙන ආහ. සධීර සමරවික්‍රම පන්දු 62කදී හතරේ පහර 5ක් සමග ලකුණු 53ක් රැකස්කළ අතර ඔහුට අනගි සහයක් දෙමින් ජනිත් ලියනගේ පන්දු 95කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 62ක් එක් කළේය.

ජැෆ්නා පිලට ළහිරු මධුසංඛ පන්දු 27කදී හතරේ පහර 2ක් සමග ලකුණු 22ක් වාර්තා කළ අතර, රවිදු ප්‍රනාන්දු පන්දු 39කදී හයේ පහරක් හා හතරේ 4ක් සමග ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා– රවිඳු ප්‍රනාන්දු

ජැෆ්නා – සියළු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 48.4)
නවෝද් පරණවිතාන 12, සධීරඑ සමරවික්‍රම 53, ජනිත් ලියනගේ 62, ළහිරු මධුසංඛ 22, කමේෂ් නිර්මාල් 18, රවිදු ප්‍රනාන්දු 46 ( දිල්ෂාන් මධුසංඛ 40/5, ධනංජය ලක්ෂාන් 30/1, මහේෂ් තීක්ෂණ 48/1, දුනිත් වෙල්ලාලගේ 45/1)

ගෝල් – කඩුලු 9ක් දැවී ලකුණු 171යි (ඕවර් 32.3)
පසිදු සූර්යබණ්ඩාර 51, විශාද් රන්දික 14, දුනිත් වෙල්ලාලගේ 12, පැතුම් කුමාර නොදැවී 60 ( බිනුර ප්‍රනාන්දු 20/1, ප්‍රෙමා්ද් මධුෂාන් 42/3, රවිදු ප්‍රනාන්දු 14/2, දිලුම් සධීර 39/1, ළහිරු මධුසංඛ 22/2)

තරග තීරක වෙන්ඩ්ල් ලැබ්‍රෝයි මහතා අතින් රවිඳු ප්‍රනාන්දු තරගයේ වීරයා සම්මානය ලබාගනිමින්.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar