slc
logo
Home   |    News
මාර්තු 18, 2023
අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් ද මෙම ජය සටහන් විය.

පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසදී කඩුලු 9 කට ලකුණු 281 ක් වාර්තා කර ගැනීමට සමත් වුවත්, පන්දු යවන්නන්ට එය ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. මෙම තරගයේ සුවිශේෂී භාවය වූයේ කලම්බු පිතිකරු අෂේන් බණ්ඩාර ශතකයක් වාර්තා කළද තරගය පරාජයට පත්වීමය.

පන්දු 114 කදී වාර්තා වුණු බණ්ඩාරගේ ලකුණු 101 ක ඉනිම ඉතා වෙහෙසකර ඉනිමක් විය. ඒ ඔහු‌ගේ ඉනිමෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කෙටි ලකුණු ලෙසින් සටහන් කර ගනිමිනි. ඉනිමේ ලකුණු 24 ක් පමණක් හතරේ පහර වලින් ලබා ගනිද්දී ඉතිරි ලකුණු සියල්ලම කඩුලු අතර දිව යමින් අෂේන් රැස් කරන ගන්නා ලද ඒවා විය.

ඔහු හැරුණු විට සචිත ජයතිංලක පන්දු 33 කදී ලකුණු 67 ක්ද චරිත් අසලංක ලකුණු 42 ක් ද සහ දසුන් ශානක ලකුණු 48 ක්ද රැස් කර ගැනීම නිසා අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට කලම්බු පිලට අවස්ථාව උදාවුවත් ගෝල් පිල 47 වැනි පන්දුවාරයේදී ඉලක්කය  සපුරා ගත්තේය.

ලකුණු හඹා යෑමේදී සොහාන් ඩි ලිවේරා (21) මුලු ලකුණු සංඛ්‍යාව 31 දී දැවී ගියත් දෙවැනි කඩුල්ලට එක් වුණු මොහොමඩ් ශමාස් සහ ධනංජය ලක්ෂාන් ලකුණු 111 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම එක් කළහ. පන්දු 90 කට මුහුණ දුන් ශමාස් ලකුණු 65 ක් වාර්තා කරද්දී ‌ප්‍රවේගකාරී පිතිහරඹයක නියැළුණු ධනංජය පන්දු 59 කදී ලකුණු 61 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ධනංජයගේ ඉනීමට ඇතුළත් විය. ඔහුට අමතරව පසිඳු සූරියබණ්ඩාර පන්දු 60 කදී ලකුණු 53 ක් ලබා ගත්තේය. ඊට අමතර පැතුම් කුමාර පන්දු 47 කදී ලකුණු 57 ක් එක් කළේ හතරේ පහර 8 ක්ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

කලම්බු පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු  281යි – (චරිත් අසලංක 42, අශේන් බණ්ඩාර 101, දසුන් ශානක 48, සචිත ජයතිලක 67, ඩිල්ෂාන් මධුශංක 58/2)

ගෝල් පන්දුවාර 47 කදී කඩුලු 3 ට ලකුණු 282-යි – (සොහාන් ද ලිවේරා 21, මොහොමඩ් ෂමාස් 65, ධනංජය ලක්ෂාන් 61, පසිඳු සූරියබණ්ඩාර 53*, මහේෂ් කුමාර 57, දසුන් ශානක 32/3)

තරග තීරක රංජිත් ප්‍රියන්ත මහතා අතින් ධනංජය ලක්ෂාන් තරගයේවීරයා සම්මානය ලබා ගත් අවස්ථාව.

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee