slc
logo
Home   |    News
මාර්තු 20, 2023
ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 211ක් ලබා සිටියදී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු නායක නිපුන් ධනංජය මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 6ක් සමග පන්දු 46කදී ලකුණු 43ක් ලබා වේගවත් ආරම්භයක් ලබාදුන් අතර, ඉදිරි පෙළ පිතිකරුවන් වූ හේෂාන් ප්‍රනාන්දු හා කුසල් ජනිත් ලකුණු 6 බැගින් ලබා දැවී ගියහ.

නායක නිපුන් ධනංජය හා අශේන් බණ්ඩාර එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 53ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, නිපුන් ලකුණු 31ක් ලබා සිටියදී දැවී ගියේය. අශේන් බණෟඩාර පන්දු 71ක් තුලදී හයේ 2ක් හා හතරේ 2ක් සමග ලකුණු 69ක් ලබාගත් අතර එය ඉනිමේ පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු ගණන විය.

කළම්බු පිලේ අවසන් කඩුලු තුන ලකුණු 28ක් තුල දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නන් සමත් වූ අතර,  නිසල තාරක ලකුණු 20ක් වාර්තා කිරීමට සමත් විය

රවිදු ප්‍රනාන්දු කඩුලු 3ක්, බිනුර ප්‍රනාන්දු, ෂිරාන් ප්‍රනාන්දු හා දිලුම් සුධීර කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

කළම්බු – කඩුලු 9ක් දැවී ලකුණු 211 (ඕවර් 46.3)අවිශ්ක ප්‍රනාන්දු 43, නිපුන් ධනංජය 31, අශේන් බණ්ඩාර 69, සචිත ජයතිලක 13, නිසල තාරක 20 ( රවිදු ප්‍රනාන්දු 42/3, බිනුර ප්‍රනාන්දු 37/2, ෂිරාන් ප්‍රනාන්දු 44/2, දිලුම් සුධීර 36/2)

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee