slc
logo
Home   |    News
මාර්තු 29, 2023
දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට පිවිස සිටින මිනෝද් භානුකගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල පිල තරග 6කට සහභාගීවී ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින අතර, රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ තරග වදින ගෝල් පිල තරග 6කට සහභාගීවී තරග3ක් ජයගෙන තරග 2ක් පරාජයවී ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටී.

ගෝල් හා දඹුල්ල අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී මෙයට පෙර හමුවීමේදී දඹුල්ල ලකුනු 62ක ජයක් ලබා තිබුණ ද මෙම තරගයේදී දඹුල්ලට තරජන එල්ල කිරීමට ගෝල් ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි හමුවීමේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයන් ලකුණු 200කට සීමා කිරීමට ගෝල් පන්දු යවන්නන් සමත් වූ හෙයින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ගෝල් ක්‍රීඩකයන්ට ඉලක්කය පහසු විය. එහිදී ඕවර් 33.5කට මුහුණදී කඩුලු 5ක් දැවී ලකුණු 201ක් ලබා ගෝල් ක්‍රීඩකයෝ ජය තහවුරු කර ගත්හ.

ගෝල් පිලට හොඳ ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සොහාන් ද ලිවේරා හා විශාද් රන්දික සමත් වූ අතර, විශාද් ලකුණු 34ක් ලබා සිටියදී දැවී ගියේය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ සොහාන් ද ලිවේරා පන්දු 71කට මුහුණ දෙමින් හයේ පහරක් හා හතරේ පහර 9ක් සහ සමඟ ලකුණු 72ක් රැස් කරමින් ජයග්‍රහණයේ මාවත විවර කළේය. පසිදු සූරියාරච්චි හයේ 2ක් හා හතරේ පහරක් සමග පන්දු 49කදී ලකුණු 41ක් ලබාගත් අතර, සොහාන් හා පසිදු අතර දෙවැනි කඩුල්ලට පන්දු 82කදී ලකුණු 77ක් විය. ලක්ෂාන් එදිරිසිංහ පන්දු 37කදී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූ අතර, දඹුල්ල පිලේ දුෂාන් හේමන්ත හා දෙවිදු තිලකරත්න කඩුලු 2 බැගින් බිදහෙලූහ.

දඹුල්ලට ආරම්භයේම දැඩි පීඩනයක් එල්ල කළ ගෝල් ක්‍රීඩකයෝ ප්‍රබල පිතිකරුවන් වූ මිනෝද් භානුක සහ අභිෂේක් ලියනාරච්චි ලකුණු නොලබාම දවා ගැනීමට සමත් වූහ. දඹුල්ල පළමු කඩුලු දෙකම මුළු ලකුණු සංඛ්‍යාව 1ක් වෙද්දී දවා ගැනීමට ගෝල් ක්‍රීඩකයෝ සමත් වූහ. ඉන්පසුව පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් ( ලකුණු 3) සහ පවන් රත්නායක ( ලකුණු 14) යන පිතිකරුවන් දෙදෙනාට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ගෝල් පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. එබැවින් දඹුල්ල ලකුණු පුවරුව ඕවර් 6ක් වෙද්දී කඩුලු 4කට ලකුණු 22ක් ලෙස සටහන් විය.

ගරා වැටුණු දඹුල්ල ඉනිමට ජීවයක් ගෙන දුන් ලසිත අබේරත්න හතරේ පහරක් සමග පන්දු 55කදී ලකුණු 37ක් හා සොනාල් දිනූෂ හතරේ පහර 4ක් සමග පන්දු 116කදී ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වූහ. මේ දෙනො එක් පස්වැනි කඩුල්ලට ලකුණු 75ක සම්බන්ධතාවක් පිහිටවූ අතර, චමිඳු විජේසිංහ ලකුණු 24ක් හා දුවිඳු තිලකරත්න ලකුණු 17ක් දඹුල්ල ඉනිමට එක් කළහ. පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මිලාන් රත්නායක කඩුලු 4ක්, අකිල ධනංජය කඩුලු 3ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූහ.

තරගයේ වීරයා – සොහාන් ද ලිවේරා

දඹුල්ල – සියළු දෙනා දැවී ලකුණු 200යි (ඕවර් 49.5) – පවන් රත්නායක 14, ලසිත් අඹේරත්න 37, සොනාල් දිනූෂ 62, දුෂාන් හේමන්ත 29, චමිදු විජේසිංහ 24, දෙවිදු තිලකරත්න 17  (මිලාන් රත්නායක 41/4, අකිල ධනංජය 38/3, රමේෂ් මෙන්ඩිස් 37/2)

ගෝල් – කඩුලු 5කට ලකුණු 201යි (ඕවර් 33.5) – සොහාන් ඩී ලිවේරා 76, විෂාද් රන්දික 34, පසිදු සූරියබණ්ඩාර 41, ලක්ෂාන් එදිරිසිංහ 25,   (රනිත ලියනාරච්චි 13/1, දෙවිදු තිලකරත්න 51/2, දුෂාන් හේමන්ත 48/2)

 

 

 

 

 

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee