slc
logo
Home   |    News
මාර්තු 14, 2023
දඹුල්ල පිට පිට දෙවැනි ජයත් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල පිල අද සමත් වූවේය. මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් – දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල ලකුණු 62කින් ගෝල් පිල පරාජය කිරීමට සමත් වූවේය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ඕවර් 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 233ක් වාර්තා කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් පිල ඕවර් 35.5කදී කඩුලු 9ක් දැවී ලකුණු 171කට සීමා විය. ගෝල් පිලේ පිතිකරුවන් 6ක්ම ලකුණු 9 සීමාව පසු කිරීමට ඉඩ නොදුන් දඹුල්ල පිලේ යොදාගත් සියලුම පන්දු යවන්නන් කඩුලු ලබාගෙන තම යුතුකම් කොටස මැනවින් ඉටුකළ අතර, නුවන් තුෂාර හා අශාන් ප්‍රියංජන කඩුලු 2 බැගින් බිදහෙලීමට සමත් විය.

දඹුල්ල පිලේ පළමු කඩුල්ලට ලකුණු 52ක සම්බන්ධතාවක් ගොඩනැගූ අභිෂේක් ලියනාරච්චි හා මිනෝද් භානුක හොද ආරම්භයක් ලබාදෙමින් සිටියදී මිනෝද් භානුක ලකුණු 36කට දැවී ගිය අතර රනිත් ලියනාරච්චි වැඩිම ලකුණු ප්‍රමාණය කණ්ඩායමට එක් කරමින් පන්දු 93කදී හතරේ පහර 8ක් සමග ලකුණු 69ක් වාර්තා කළේය. මැද පෙළ ශක්තිමත් කළ වනිදු හසරංග පන්දු 29කදී දැවැන්ත හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් වූවේය.

ගෝල් පිලේ පළමු කඩුල්ල ලකුණු එකේදී දවා ගැනීමට නුවන් තුෂාර සමත් වූ අතර, ලකුණු බිංදුවේදී ධනංජය ලක්ෂාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. අනතුරුව දෙවැනි කඩුල්ල ලකුණු 17දී දැවී යෑම ගෝල් පිලට විශාල පසු බැසීමක් විය. ලකුණු 9ක් ලබා සිටියදී ලක්ෂාන් එදිරිසිංහගේ කඩුල්ල දවා ගැනීමට ළහිරු සමරකෝන් සමත් වූවේය. ගෝල් මුල් කඩුලු 5ක් ලකුණු 65කට දැවී ගොස් තිබියදී දුනිත් වෙල්ලාලගේ හා විෂාද් රන්දික 6වැනි කඩුල්ලට ලකුණු 43ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ. දුනිත් වෙල්ලාලගේ ලකුණු 38කට දැවී ගිය අතර, විෂාද් රන්දික ලකුණු 19ක් වාර්තා කළේය. සුමින්ද ලක්ෂාන් ලකුණු 17කින් හා කවිෂ්ක අංජුල ලකුණු 27කින් දායකත්වය සැපයීය.

දඹුල්ල – සියළු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 49.2) – අභිෂේක් ලියනාරච්චි 15, මිනෝද් භානුක 36, පවන් රත්නායක 14, රනිත් ලියනාරච්චි 69, වනිදු හසරංග 43, ලක්ෂාන් සඳකැන් 20,දිල්ෂාන් මධුසංඛ 40/1, කවිෂ්ක අංජුල 38/2, මහේෂ් තීක්ෂණ 56/2, දුනිත් වෙල්ලාලගේ 40/1, සුමින්ද0 ලක්ෂාන් 37/2, ධනංජය ලක්ෂාන් 15/1

ගෝල් – කඩුලු 9කට ලකුණු 171යි (ඕවර් 35.5) – සොහාන් ඩී ලිවේරා 26, දුනිත් වෙල්ලාලගේ 38, විෂාද් රන්දික 19, සුමින්ද ලක්ෂාන් 17, කවිෂ්ක අංජුල 27 (නුවන් තුෂාර 23/2, ළහිරු සමරකෝන් 30/1, රනිත ලියනාරච්චි 14/1, අශාන් ප්‍රියංජන 22/2, වනිදු හමසරංග 17/1, දුෂාන් හේමන්ත 32/1, ලක්ෂාන් සඳකැන් 27/1

තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා අතින් තරගයේ වීරයා වූ රනිත ලියනාරච්චි සම්මානය ලබා ගත් අවස්ථාව.

 

 

 

 

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee