slc
logo
Home   |    News
මාර්තු 23, 2023
දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට

sinhala editor

නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට පිටම සිව්වැනි තරග ජයත් වාර්තා කරගත්තේය. එම ජයත් සමග දඹුල්ල කණ්ඩායම සිය අරපාජිත භාවය තවදුරටත් රැ‌ක ගැනීමට සමත්ව සිටියි.

පළමුව පන්දුවට පහර දුන් දඹුලු කණ්ඩායම පන්දුවාර 48.1 කදී ලකුණු 233 කට සීමා කිරීමට ජැෆ්නා පන්දු යවන්නන් සමත් වුවද පිතිකරුවන්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. ඉලක්කය හඹා යෑමේදී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර එහිදී ඔවුනට ලකුණු 226 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වෙතත් ඔවුනට පන්දුවාර 25 කදී රැස්කරගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 125 ක් පමණි.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් කසුන් අබේරත්න පමණක් ප්දු 66 කට මුහුණ දී ලකුණු 52 ක් වාර්තා කරගත් අතර සෙසු කිසිවකුටත් ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට දඹුලු පන්දු යවන්නෝ ඉඩ‌ නොතැබූහ. පන්දු යැවීමේදී ළහිරු සමරකෝන්, සොනාල් දිනූෂ සහ රනිත ලියනාරච්චි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පන්දුවට පහර දීමේදී නම් දැරූ කිසිදු පිතිකරුවකුට කැපී පෙනන දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවිය. කෙසේ වෙතත් අංක 9 පිතකිරුවාගේ ස්ථානයෙන් පිටියට පිවිසි ළහිරු සමරකෝන් පන්දු 43 කදී ලකුණු 66 ක් වාර්තා කරමින් දඹුලු පිල සැනසිලිදායකත තත්ත්වයක් රැගෙන ආවේය. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

දඹුල් කණ්ඩායමේ 8 වැනි කඩුල්ලත් ලකුණු 162 දී බිඳ වැටුණු නමුත් ලක්ෂාන් සඳකැන්ට එක් වූ ළහිරු සමරකෝන් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණ 64 ක් රැස් කරමින් දඹුලු කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සි තලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගත් අතර ශිරාන් ප්‍රනාන්දු සහ රවිදු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.  තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ළහිරු සමරකෝන් සම්මාන දිනාගත්තේය.

දඹුල්ල පන්දුවාර 48.1 කදී ලකුණු 233 යි – (අභිෂේක් ලියනාරච්චි 18, මිනෝද් භානුක 15, පවන් රත්නායක 26, ලසිත් අබේරත්න 17, රනිත ලියනාරච්චි 17, අෂාන් ප්‍රියන්ජන් 24, දුශාන් හේමන්ත 10, සොනාල් දිනූෂ 20, ළහිරු සමරකෝන් 66, ලක්ෂාන් සඳකැන් 09, ජෙෆ්රි වැන්ඩර්සි 42/3, රවිඳු ්‍රනාන්දු 30/2, ශිරාන් ප්‍රනාන්දු 50/2)

ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 25 කදී කඩුලු 8 ට ලකුණු 125 යි – (නවෝද් පරණවිතන 11, කසුන් අබේරත්න 52, රවිඳ්‍ර ප්‍රනාන්දු 11, ජෙෆ්රි වැන්ඩර්සි 12, ළහිරු සමරකෝන් 26/2, සොනාල් දිනූෂ 30/2, රනිත ලියනාරච්චි 10/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee