slc
logo
Home   |    News
මාර්තු 30, 2023
6 වැනි තරගයේදී කළම්බු පිල ජයග්‍රාහී මාවතට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටය යටතේ හය වැනි තරගය ලෙසින් සහභාගිවුණු ගෝල් පිලට එරෙහි තරගයේදී ලකුණු 72 ක ජයක් වාර්තා කළ කලම්බු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද (30 වැනිදා) සමත්වූවේය. මෙවර තරගාවලියේ තරග 5කට සහභාගීවී තරග 3ක පරාජය වැළද සිටි කළම්බු පිල තරග දෙකක් විසදුමකින් තොරව අවසන් කළ අතර, අද සහභාගී වූ 6 වැනි තරගයේදී මුල්ම ජය වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ගෝල් පිල මුලින් පන්දුවට පහරදීමට නිපුන් ධනංජය පෙරටු කොටගත් කළම්බු පිලට ආරාධනා කළ අතර, එහිදී කළම්බු පිතිකරුවන් සියළු දෙනා දැවී ලකුණු 225ක් වාර්තා විය. පළපුරුදු පන්දු යවන්නෙකු වූ නුවන් ප්‍රදීප්ගේ පන්දු හමුවේ ගෝල් ආරම්භය කඩා වැටුණු හෙයින් සියලු දෙනා දැවී ලකුණු 154කට සීමා විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් මෙම තරගයේදී කඩුලු 3ක් බිදහෙලූ අතර, නුවන්ගේ පන්දු ඉදිරියේ ගෝල් ආරම්භක පිතිකරුවන් වූ සොහාන් ඩී ලිවේරා (ලකුණු 19) හා විශාද් රන්දික (ලකුණු 9) ලකුණු පුවරුව 29ක් වෙද්දී ක්‍රීඩාගාරයට පියමන් කළහ. දිනේෂ් චන්දිමාල් ලකුණු 10කට දවා ගැනීමට උදිත් මධුෂාන් සමත් වූ අතර, වෙනදා ලකුණු අතරට පැමිණෙන පසිඳු සූරියබණ්ඩාරට හිස ඔසවන්නට නුවන් ප්‍රදීප් ඉඩ නොදුණි. ගෝල් මුල් කඩුලු හතරම ලකුණු 47ක් වෙද්දී දැවී යෑම පීඩනය වැඩිවීමට හේතුවකි.

පැතුම් කුමාර පන්දු 32කදී හතරේ පහර 2ක් සමග ලකුණු 22ක්, සුමින්ද ලක්ෂාන් පන්දු 28කදී හතරේ 3ක් සමග ලකුණු 26ක්, කවිෂ්ක අංජුල පන්දු 33කදී හතරේ පහර 2ක් සමග ලකුණු 21ක් හා අකිල ධනංජය පන්දු 32කදී ලකුණු 27ක් ලබා ගැනීම හැර ගෝල් පිතිකරුවන් ලකුණු අතර නොවුණි.

කළම්බු ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 14ක් ලබා සිටියදී හා දෙවැනි කඩුල්ල ලෙස අංක තුන පිතිකරු ක්‍රිෂාන් අංජුල ලකුණු 5ක් ලබා සිටියදී දවාගෙන ගෝල් පන්දු යවන්නෝ මුල් අවස්ථාවේ තරජන එල්ල කළහ. එවිට ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 39ක් වූ අතර, සිතාර ගිම්හාන හා දුෂාන් විමුක්ති එක්ව තෙවැනි කඩුල්ල ලකුණු 71ක් දවා රැගෙන ආහ. සිතාර ගිම්හාන ලකුණු 44ක් ලබා සිටියදී දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූවේය. නිපුන් ධනංජය පැමිණි විගසම ලකුණු නොලබා ක්‍රීඩාගාරයට යැවීමට අකිල ධනංජය සමත්වීමෙන් ලකුණු වේගය තරමක් අඩාල විය.

කළම්බු පිලේ කඩුලු 5ක් ලකුණු 102කට දැවීගොස් තිබියදී දුෂාන් විමුක්ති හා සචිත ජයතිලක අතර 6 වැනි කඩුල්ලට වාර්තා වූ ලකුණු 92ක සම්බන්ධතාව ඉනිමේ කැපී පෙණෙන පිතිකරණය විය. අවශ්‍යම අවස්ථාවේ ලකුනු අතරට පැමිණි දුෂාන් පන්දු 89කදී හතරේ පහර 2ක් සමග ලකුණු 46ක් ලබාගත් අතර, සචිත පන්දු 74කදී හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 58ක් ලබා ගැනීමෙන් කලම්බු පිලට ශක්තියක් විය. කළම්බු පිලට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ මිලාන් රත්නායක ප්‍රමුඛ පන්දු බළ ඇණිය අවසන් කඩුලු 4 ලකුණු 31ක් තුලදී දවා ගැනීමෙන් කළම්බු ඉනිම නිමාවට පත් විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ලකුණු 34 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූ දුශාන් විමුක්ති තරගයේ වීරයා සම්මානයෙන් නම් කෙරිණ. ගෝල් පිලේ ආරම්භක පන්දු යැවූ මිලාන් රත්නායක කඩුලු 4ක්, කවිෂ්ක අංජුල කඩුලු 2ක් හා තිලංග උදේශන කඩුලු 2 ක් බිදහෙලා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා  – දුශාන් විමුක්ති

කළම්බු – සියළු දෙනා දැවී ලකුණු 225 (ඕවර් 48) අවිශ්ක ප්‍රනාන්දු 14, සිතාර ගිම්හාන 44, දුෂාන් විමුක්ති 46, අශේන් බණ්ඩාර 19, සචිත ජයතිලක 58, දේව් විජේසුන්දර 16 (මිලාන් රත්නායක 37/4, කවිෂ්ක අංජුල 54/2, තිලංග උදේශන 45/2, රමේස් මෙන්ඩිස් 23/1, අකිල ධනංජය 23/1

ගෝල් – සියළු දෙනා දැවී ලකුණු 154යි (ඕවර් 39.4) සොහාන් ඩී ලිවේරා 19, දිනේෂ් චන්දිමාල් 10, පැතුම් කුමාර 22, සුමින්ද ලක්ෂාන් 26, කවිෂ්ක අංජුල 21, අකිල ධනංජය 27 ( නුවන් ප්‍රදීප් 31/3, දුෂාන් විමුක්ති 34/3 උදිත් මධුෂාන් 15/2, ප්‍රභාත් ජයසූරිය 36/1, නිප්නු ධනංජය 10/1

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee