slc
logo
Home   |    News
මාර්තු 29, 2023
කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා පිල සමත් වූ අතර, මෙයට පෙර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පසුගිය 14 වැනිදා හමුවූ අවස්ථාවේදී කැන්ඩි පරාජයට පත්කළ ජැෆ්නා පිල කඩුලු 3ක ජයක් ලැබීය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කැන්ඩි පිල සියල්ලන් දැවී ලකුණු 249ක් ලබාගත් අතර, ජැෆ්නා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 251ක් ලබා පහසු ජයග්‍රහණයක් වාර්තා කළහ.

ජැෆ්නා ඉනිමට හොඳ ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ලකුණු 126ක ශතක සම්බන්ධතාවක් ගොඩනැගූ නවෝද් පරණවිතාන හා නිශාන් මදුෂ්ක කල් ඇතිවම ජයග්‍රහණයේ දොරටු විවර කර දුන්හ. පන්දු 68කදී හතරේ පහර 13ක් සමග වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නවෝද් පරණවිතාන ලකුණු 82ක් වාර්තා කළ අතර, නිශාන් මධුෂ්ක පන්දු 46කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 52ක් ලබා අනගි සහයක් ලබා දුන්නේය.

අනතුරුව මහනුවර පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාර එල්ල කළ ජනිත් ලියනගේ හා කසුන් අබේරත්න තෙවැනි කඩුල්ලට ලකුණු 93ක සම්බන්ධතාවක් ගොඩනැගීම කැපී පෙණුනි. කසුන් අබේරත්න පන්දු 69කදී හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර, ජනිත් ලියනගේ පන්දු 53කදී හයේ පහර 3ක් හා හතරේ පහරක් සමග ලකුණු 53ක් ලබා ගත්තේය. මෙය ජනිත් ලියනගේ මෙම තරගාවලියේ වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය විය.

ජාතික පිලේ ක්‍රීඩකයන් දෙදෙනකු වූ නිරෝෂන් දික්වැල්ල හා ඕෂධ ප්‍රනාන්දු කැන්ඩි පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර, පළමු කඩුල්ලට ලකුණු 44ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 27කට දැවී ගියේය. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 18ක් ලබා සිටිය දී දැවීගිය අතර, සදුන් වීරක්කොඩි හා ළහිරු උදාර අතර තෙවැනි කඩුල්ලට ලකුණු 104ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි පන්දු 72ක් තුළ හයේ 2ක් හා හතරේ 6ක් සමග ලකුණු 62ක් වාර්තා කොට සිටියදී ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ රවිදු ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් දී දැවී ගියේය. ළහිරු උදාර ලකුණු 39ක් ලබාගත් අතර, සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අසේල් සිගේරා පන්දු 61ක් තුළ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 50ක් වාර්තා කළේය.

කැන්ඩි පිලේ අවසන් කඩුලු හතරම ලකුණු 49ක් තැල දවා ගැනීමට ජැෆ්නා පන්දු යවන්නන් සමත් වූ අතර, ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4ක්, දිලුම් සුධීර හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු දෙක බැගින් බෙද හෙලා ගත්හ.

තරගයේ වීරයා – නවෝද් පරණවිතාන

කැන්ඩි – සියළු දෙනා දැවී ලකුණු 249යි (ඕවර් 49.4) – නිරෝෂන් දික්වැල්ල 27, ඕෂධ ප්‍රනාන්දු 18, සදුන් වීරක්කොඩි 62, ළහිරු උදාර 39, අසේල් සිගේරා 50, මොවින් සුබසිංහ 25 (ශිරාන් ප්‍රනාන්දු 62/4, දිලුම් සුධීර 31/2, ජෙෆ්රි වැන්ඩර්සේ 50/2, ළහිරු මධුසංඛ 44/1, නවෝද් පරණවිතාන 13/1)

ජැෆ්නා – කඩුලු 3ට ලකුණු 251යි (ඕවර් 39.2) – නවෝද් පරණවිතාන 82, නිශාන් මධුෂ්ක 52, කසුන් අඹේරත්න නොදැවී 54, ජනිත් ලියනගේ 53 ( චාමික ගුණසේකර 42/1, පුලින තරංග 53/1, මොවින් සුබසිංහ 22/1)

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee