slc
Home   |    News
අප්‍රේල් 3, 2023
අවසන් මහ තරගයට පෙර පෙරහුරුවේ ජයත් දඹුල්ලට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල – ජැෆ්නා අතර තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යයයට අනුව ලකුණු 34කින් දඹුල්ලට පිරිනැමුණි. පී. සරා ඕවල් පිටියේ අද (3) පැවැති මෙම තරගය නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය විය.

නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ පළමු තැනට පත් මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල හා දෙවැනි තැනට පත්ව සිටින ජනිත් ලියනගේ බෙරටු කොටගත් ජැෆ්නා පිල මේ මස 6 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියදී මෙම මූලික වටයේ හමුවීම තරග කාලසටහන අනුව සිදුවිණි. එබැවින් මෙම තරගය අවසන් මහා තරගයට පෙර කණ්ඩායම් දෙකට හොද පෙරහුරුවක් බවට පත් වූවේය. පසුගිය මාර්තු 23 වැනිදා දඹුල්ල – ජැෆ්නා හමුවී දඹුල්ල ලකුණු 76ක ජයක් වාර්තා කළ බැවින් මෙවර මෙතෙක් හමුවීම් දෙකේදීම දඔුල්ල ඉදිරියෙන් සිටියේය.

අද නිමාවූ තරගයේ කාසියේ වාසිය දඹුල්ල දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ජැෆ්නා පිල සියළු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ක්‍රීඩකයෝ 4ක් දැවී ලකුණු 186ක් රැස්කර තිබියදී අයහපත් ආලෝක තත්ත්වයෙන් තරගය නවතා දැමුණි. එවිට දඹුල්ල පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව 37 වැනි ඕවරය වෙද්දී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන ඉක්මවා තිබූ හෙයින් ජයග්‍රහණය පිරිනැමුණි.

දඹුල්ල ඉනිමට වේගවත් ශතකයක් එක්කළ පවන් රත්නායක පන්දු 102කදී නොදැවී ලකුණු 107ක් එක්කළ අතර, එයට හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් ඇතුලත් විය. ඔහු මෙවර තරගාවලියේ තරග 8කදී ලකුණු 287ක් ලබා පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්වීම ද විශේෂත්වයකි. ජැෆ්නා පිලට සොනාල් දිනූෂ ලකුණු 38ක් එක් කිරීමට සමත් වූවේය.

මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ජැෆ්නා පිලේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි රවිදු ප්‍රනාන්දු දඹුල්ලට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළ අතර, පන්දු 89කදී දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමග ලකුණු 100ක් වාර්තා කළේය. ඔහු ලක්ෂාන් සඳකැන් යැවූ 33 වැනි ඕවරයේදී හතරේ 2ක් හා හයේ පහරක් එල්ල කළ අතර, සෑම පන්දු යවන්නෙකුටම ප්‍රහාර එල්ල විය.

ජැෆ්නා පිලේ මුල් පිතිකරුවන් පහ අතුරින් නිෂාන් මධුෂ්ක ලකුණු 20ක් හා කසුන් අඹේරත්න ලකුණු 18ක් ලබා ගැනීම හැරුණු කොට ආරම්භය අසාර්ථක විය. මුල් කඩුලු 5ක් ලකුණු 56කට දැවී ගොස් තිබියදී, 6 වැනි කඩුල්ලට රවීන් ද සිල්වා හා ළහිරු මධුසංඛ අතර ලකුණු 24ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, රවිදු ප්‍රනාන්දු හා දිලුම් සුධීර එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 59ක් හා රවිදු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 68ක් එක් කිරීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය.

ජැෆ්නා – සියලු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 46.2) – නිෂාන් මධුෂ්ක 20 කසුන් අඹේරත්න 18, ළහිරු මධුසංඛ 11, රවීන් ද සිල්වා 13, රවිදු ප්‍රනාන්දු 100, දිලුම් සුධීර 16, ජෙෆ්රි වැන්ඩසේ 18 ( අසිත ප්‍රනාන්දු 31/3, නුවන් තුෂාර 41/2, ළහිරු සමරකෝන් 41/3, දුෂාන් හේමන්ත 43/2)

දඹුල්ල – කඩුලු 4කට ලකුණු 186යි (ඕවර් 37) – පවන් රත්නායක නොදැවී 107, කමිදු මෙන්ඩිස් 14, සොනාල් දිනූෂ 38, ලසිත් අබේරත්න 10, ( යසිරු රුද්‍රිගූ 41/1, දිලුම් සුධීර 22/1, ළහිරු මධුසංඛ 13/1, රවීන් ද සිල්වා 16/1)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest