slc
logo
Home   |    News
අප්‍රේල් 15, 2023
ටෙස්ට් පිටියේදී ශ්‍රී ලංකාව පළමු වතාවට අයර්ලන්තය මුණ ගැසෙයි

sinhala editor

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු පළමු වතාවට ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අයර්ලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකාවත් මුණ ගැසෙන පළමු ටෙස්ට් තරගාවලිය හෙට (16 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙපිළේම ක්‍රීඩකයින් පළමු වතාවට මුණ ගැසෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඇෆ්ගනිස්තානය සමඟම ටෙස්ට් වරම් දිනාගත් අයර්ලන්ත ශ්‍රී ලංකාව හෙට මුණ ගැසෙනු ලැබෙන්නේ පළමු වතාවය. මෙතෙක් ඔවුන් ටෙස්ට් තරග 4 කට සහභාගිවී ඇතත් තරග 2 කින් සමන්විත තරගාවලියකදී ප්‍රතිවාදී කණ්ඩායමක් මුණ ගැසෙනු ලබන්නේ ‌පළමු වතාවට වීම මෙම තරගාවලියේ ඇති සුවිශේෂීතාව වේ.

ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට ඇතුළත් නොවන තරගාවලියක් වුවත් දෙරටේ ක්‍රිකට සුහදතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට අයර්ලන්තය මුණ ගැසෙන්නේ 10 වැනි රට ලෙසිනි.

2018 වසරේදී ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු අයර්ලන්තය හෙට මුණ ගැසෙන්නේ ටෙස්ට් තරග 309 කට ක්‍රීඩා කර අති දැවැන්ත ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායමය. මීට පෙර අයර්ලන්ත පිල තරග වැදි ටෙස්ට් තරග 4 ම පරාජයට පත්ව තිබුණද එම කණ්ඩායම සුලුවෙන් තක්සේරු කළ නොහැක්කේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නියෝජනය කරමින් හසල අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ගෙන් එම කණ්ඩායම සමන්විතව ඇති බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවද්දී අයර්ලන්ත කණ්ඩායම ඇන්ඩෘ බිල්බ්‍රීන් විසින් මෙහෙයවනු ලබයි. ඇනඩෘ මැක්බර්න් ඔවුන් සතු දැවැන්තම අවිය වේ. දඟ පන්දු යවන්නන්ට වාසි දායක ගාල්ල තණතීරුවේදී මැක්බර්න්ගේ පිට දඟ පන්දුවෙන් උපරිම වාසි ලබා ගැනීමට අමතරව පිතිකරුවකු ලෙසින්ද ඔහුට යමක් කිරීමට ඔහුට හැකිය.

ලෝර්කන් ටකර් අයර්න්ත පිල වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කර ගනිමින් තම නම අමරණීයත්වයකට එක් කර ගැනීමට සමත්වූවෙකි. ටකර් ට අමතරව අයර්ලනත්ය වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ කෙවින් ඔබ්‍රියන් වේ. 23 හැවිරිදි හැරී ටෙක්ටර්, මාර්ක අඩයර්, සහ බෙන් වයිට් ද කණ්ඩායම සතු ප්‍රධානම ක්‍රීඩකයින් වෙති.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ ශීතල නවසීලන්තයේ කළ තරග සංචාරයෙන් අනතුරුවය. ඇරත් ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින අධික රශ්නය සත්කාරක ක්‍රීඩකයින්ද මහත් වෙහෙසකට පත් කරවන්නට සමත් කරවන්නකි. ශ්‍රී ලංකා පූර්ණ ටෙස්ට් කණ්ඩායම අප්‍රේල් 13 වැනි දින සිට පුහුණුවීම්  සිදුකළ හෙයින් ඔවුහු සිංහල අවුරුදු නැකැත් වේලාවේද සිය පුහුණුවීම් වල නිරත වීමට සිදුවූහ.

“නවසීලන්තෙ ඉඳලා ආවේ 24 වැනිදා, අපි 27 වැනිදා ඉඳලාම පුහුණුවීම් සිදුකළා. මොකද නවසීලලන්තෙයි මෙහෙයි තියෙන කාලගුණය වගේම තණතීරු දිහා බැලුවාමත් මේක අති විශාල වෙනසක්. මේවා අපේම තත්ත්වයන් තමයි. ඒත් අපි වුණත් ආයෙම ඒකට හුරු වෙන්න ඔනෑ” යැයි හෙට තරගයට පෙර වූ සූදානම ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේය.

“මේක අපේ රැකියාව. ඉතිං අපට නැකත් බලනවාට වඩා අපේ රැකියාව වටිනවා. අපේ පළමු වැනි තේරීම ක්‍රිකට් ක්‍රීඩාව. අපට ලැබිල තියෙන කාල වේලාවත් එක්ක අපි ඒකට වැඩි අවධානයක් දෙන්න ඕනා. අපි ඊයෙත් (14 වැනිදා) නැකත් වෙලාවේ මෙතන පුහුණුවීම් කරමින් හිටියේ. පස්සේ හෝටලේට ගිහිල්ලා හෝටලේ කට්ටියත් එක්ක අවුරුදු සැමරුවා. ඒ දේවල් ඉවරයි. දැන් අපිට තියෙන්නේ 16 වැනිදා උදේ තරගයට මුහුණ දෙන්නේ කොහොමද…?, මොනවද අපට කරන්න තියෙන්නේ…? කියලා බලන්නයි” යැයි දිමුත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කඳවුර දෙස අවධානය යොමු කිරීමේදී නිම ආරම්භ කිරීම දිමුත් කරුනාරත්න සමඟින් නිශාන් මදුෂ්ක සිදුකරනු ඇත. ඒ පිළිබඳව නායකයා දරන්නේ මෙවන් අදහසකි.

“මම දැනට ආරම්භක පිතිකරුවන් 10 ක් 12 ක් එක්ක විතර ක්‍රීඩා කරලා තියෙනවා. අලුත් ආරම්භක පිතිකරුවෙක් එක්ක ක්‍රීඩා කරන එ කමට අලුත් අත්දැකීමක් නෙමේ. ඒත් නිශාන් එක්ක මම ක්‍රීඩා කරලා තියෙනවා. අපි දෙන්න එන්.එස්.එල්. සහ පළාත් තරග වල එකට ක්‍රීඩා කරල තියෙනවා. ඔහු දේශීය තරග වල විශාල ලකුණු සංඛ්‍යාවන් ලබාගත් ක්‍රීඩකයෙක්. ඔහුට ලැබී තිබෙන අවස්ථාව සාධාරණයි. මම හිතනවා ඔහු තරගාවලිය හෙඳින් නිමා කරාවි කියලා” යැයි දිමුත් පැවැසිය

සෙසු ස්ථාන පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙතෙක් කලක් ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලු රකින්නා ලෙසින් කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලව කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසු එහි වගකීම සදීර සමරවික්‍රම වෙත ලබාදීම සඳහන් කළ හැක. ඒ අනුව මෙම තරගාවලියේදී දක්වනු ලබන දක්ෂතා සදීරට මෙන්ම මදුෂ්කගේ ටෙස්ට් අනාගතය සඳහා වඩාත් ඉවහල් වෙනු ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4 කට ක්‍රීඩා කර ඇති සදීර අවසන් වතාවට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මීට වසර 6 කට ඉහතදීය. ඉන්දියාවට එරෙහිව දිල්ලිහි පැවැති ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ගෙවුනු කාල සීමාවේදී සදීර ටෙස්ට් තරගයකට ක්‍රීඩා කොට නොමැත.

“සධීරත් මාත් එක්ක ‘ඒ’ තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු දක්‍ෂ ක්‍රීඩකයෙක්. අවුරුදු 6 කට විතර පස්සේ නැවතත් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. මා හිතනවා සධීරත් අවස්ථාවක් ලැබුණ වෙලාවෙ උපරිම ප්‍රයෝජන ගනීවි කියලා. එයාට දැන් ඒ දැඩි ආශාව තියෙනවා” යැයි නව කඩුලු රකින්නා පිළිබඳව දිමුත් සදහන් කර සිටියේය.

ඉකුත්දා නිමාවට පත් වුණු එංගලන්ත ලයන්ස් පිලට එරෙහි තරගාවලියේ පා දඟ පන්දු යවන්නකු ලෙසින් දක්ෂතා දක්වා තේරීම් කමිටුවේ අවධානය දිනාගනිමින් ටෙස්ට් කණ්ඩායමට තේරී පත්වී සිටින දුශාන් හේමන්තට හෙට තරගයට සහභාගිවීමේ අවස්ථාවක් නොමැත. එහෙත් නායකයා සඳහන් කර සිටින්නේ ගාල්ල තණතීරුවේදී දුශාන් තරගයකට ක්‍රීඩා කිරීමට සුදුසු බව තමන් විශ්වාස කරන බවයි.

“අපි මුලින්ම යන්න ඕන අපේ මූලික 11 දෙනාත් එක්ක. රමේෂ්ටයි ප්‍රභාත්ටයි තමයි වැඩි අවස්ථාව තියෙන්නේ පළමු තරගය සෙල්ලම් කරන්න. දුෂාන් හේමන්ත හොඳ පන්දු යවන්නෙක්. පා දඟ පන්දු යවන්නකු හැටියට හොඳ පාලනයකින් පන්දු යවන කෙනෙක්. පළමු තරගයේදී ඔහුට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබේවිද කියලා කියන්න බෑ. ඒත් දෙවැනි තරගයේදී හෝ අවස්ථාවක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මාත් හිතනවා ගාල්ලේදී තරගයක් ක්‍රීඩා කරන්න ඔහු සුදුසුයි” යැයි දිමුත් සඳහන් කර සිටියේය.

ගාල්ල තණතීරුවේ සකස් කොට ඇති තණතීරුව තරමක් ඝණත්වයකින් යුක්තවීම නිසා හෙට ශ්‍රී ලංකාව තමන් සතු විශ්වාසවන්ත වේග පන්දු යුගලය වන ප්‍රනාන්දු යුගල (විශ්ව සහ අසිත) සමඟ අවතීර්ණ වනු ඇත. ඒ හැරුණු කොට ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙසින් ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩා කරද්දී ඔහුගේ සහායට දකුණත් පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. නිශාන් මදුශ්ක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. සදීර සමරවික්‍රම, 8. රමේෂ් මෙන්ඩිස්, 9. ප්‍රභාත් ජයසූරිය, 10. අසිත ප්‍රනාන්දු, 11. විශ්ව ප්‍රනාන්දු.

අයර්ලන්තය – ඇන්ඩෘ බැල්බ්‍රින් (නායනක), මාකර් අඩයර්, කර්ටිස් කම්පර්, මරේ කමින්ස්, ජෝර්ජ් ඩොකරල්, ඨයොන් හෑන්ඩ්, ග්‍රැහැම් හියුම්, මැතිව් චහම්ප්‍රේස්, ටොම් මයස්, ඇන්ඩෘ මැක්බර්න්, ජේම්ස් මැකලම්, පී. ජේ. මුවර්, හැරී ටෙක්ටර්, ලෝකන් ටකර්.

 

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

USD United States (US) dollar