slc
Home   |    News
අප්‍රේල් 24, 2023
දඟ පන්දුවේ ශක්තිය තර කරමින් අයර්ලන්තය පිටියට

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයන්හි තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට සංචාරක අයර්ලන්ත පිලේ නායක ඇන්ඩි බැල්බර්නි සමත්විය. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේදී කිසිදු පැකිළීමකින් තොරව අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පෙර සදහන් කළ පරිදිම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම වෙනස්කමක් හෝ නොකරමින් අවතීර්ණ වී සිටින නමුත් අයර්ලන්තය වෙනස්කම් 3 ක් සිදුකරමින් අවතීර්ණව සිටියි. ඒ අතර පළමු ටෙස්ට් තරගය වන විට කණ්ඩායමේ නොසිටි උප නායක පෝල් ස්ටර්ලිං යළි කණ්ඩායමට පිවිස සිටියි. ඔහුට අමතරව ග්‍රහැම් හියුම් සහ මැතිව් හම්ප්‍රිස් දෙවැනි ටෙස්ට් තරගයේ ස්ථාන දිනාගනිද්දී මාක් අඩයර් සහ ජෝර්ජ් ඩොකරල් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. මේ අතර හැම්ප්‍රිස් මංගල ටෙස්ට් හිස්වැස්ම දිනා ගෙන සිටින ක්‍රීඩකයා වන්නේය.

පළමු පෙළ තරගයකට හෝ ක්‍රීඩා කොට නොමැති හම්ප්‍රිස් අයර්ලන්ත වයස අවුරදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබේ. අයර්ලන්තය සතුව තවමත් නිසි පළමු පෙළ තරගාවලියක් නොමැති නිසා හම්ප්‍රි ස්ගේ මංගල පළමු පෙළ තරගය වන්නේද මෙම ටෙසට් තරගය වේ.

දකුණතින් පන්දුවට පහර දෙන කෝඩුකාර හම්ප්‍රිස් වමතින් දඟ පන්දු යවයි. කෙසේ වෙතත් හම්ප්‍රිස්ගේ ආගමනයත් සමග අයර්ලන්ත කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ ගොස් සිටියි. හම්ප්‍රිස්ට අමතරව අයර්ලන්ත පිලේ වඩාත්ම පළපුරුදු පන්දු යවන්නා වන පිට දඟ පන්දු යවන ඇන්ඩි මැක්බ්‍රින් සහ පා දඟ පන්දු යවන බෙන් වයිට් ගාල්ල තණතීරුවේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති.

ශ්‍රී ලංකාව XI – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. නිශාන් මදුශ්ක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6, ධනංජය ද සිල්වා, 7. සදීර සමරවික්‍රම, 8. රමේෂ් මෙන්ඩිස්, 9. ප්‍රභාත් ජයසූරිය, 10. විශ්ව ප්‍රනාන්දු, 11. අසිත ප්‍රනාන්දු.

අයර්ලන්ත XI –  1. ජේම්ස් මැලම්, 2. පීටර් මුවර්, 3. ඇන්ඩි මැක්බර්නි (නායක), 4. ‌හැරී ටෙක්ටර්, 5. පෝල් ස්ටර්ලිං, 6. කර්ටිස් කැම්පර්, 7. ලෝකන් ටකර්, 8. ඇන්ඩි මැක්බ්‍රීන්, 9. ග්‍රැහැම් හියුම්, 10. මැත්ව් හැම්ප්‍රිස්, 11. බෙන් වයිට්.

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest