slc
logo
Home   |    News
අප්‍රේල් 16, 2023
දිමුත් සහ කුසල්ගෙන් අති විශිෂ්ඨ පිතිහරඹයක්

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී සිත් සේ ලකුණු රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අයර්ලන්තයට එරෙහි පළමු දිනයේදී තරගය නිමා කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් රැස් කර ගැනීමට සමත්වූහ.  එම ලකුණු 386 න් ලකුණු 319 ක්ම නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා විසින් රැස්කර ගන්නා ලද ලකුණු විය.

දිනය නිමා වන විට සැදෑ මුරකරු ලෙසින් පැමිණි ප්‍රභාත් ජයසූරිය ලකුණු 12 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 18 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

දිනයේ සුවිශේෂී ඉනිම් ක්‍රීඩා කරන ලද පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න දිනය අවසානයට මිනිත්තු කීපයකට පෙර දැවී ගියේ සිය ද්විත්ව ශතකයට ලකුණු 21ක් ඈතින් සිටියදීය. ආධුනික අයර්ලන්ත පිල හමුවේ වුවද ඉතාමත් වෙහෙසකට පිතිහරඹයක නිරත වුණු කරුණාරත්න තම ලකුණු 179 සඳහා පන්දු 235 කට මුහුණ දුන්නේය. හතරේ පහර 15 කින් පමණක් සිය ඉනිම සරසා ගැනීමට නායකයා වග බලා ගත්තේය. දිමුත්ගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් අයර්ලන්ත පිලට දෙවැනි නව පන්දුව ලබා ගන්නා තෙක් බලා සිටීමට සිදුවිය. කෙසේ වෙතත් මාක් අඩයර්ගේ පන්දුවකට දිමුත්ගේ පිතේ දාරයේ වැදී ගිය උඩ පන්දුව කඩුලු රකින්නා අතින් රැක ගන්නා විටත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 373 ක් ලෙසින් සටහන් විය. දැවී යන විටත් දිමුත් සිය 15 වැනි ශතකය රැස් කරගෙන සිටියේය.

ඔහුට අනගි සහායක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 181 ක් සම්බන්ධතාවක් පැවැත්වූයේ තම නම ඉදිරියෙන් ලකුණු 140 ක් රඳවා ගනිමිනි. ඇන්ඩි මැක්බර්න්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ මෙන්ඩිස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් නමුත් ඔහුට කළින් දිමුත් ශතකය වාර්තා කළේය. මොවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 356 කදී ලකුණු 281 ක් විය. ඇන්ජලෝ මැතිව්ස්ට අද දිනයේදී ලකුණු ලබා ගැනීමට නොහැකි වූ අතර ඔහු මුහුණ දුන් තෙවැනි පන්දුවේදීම දැවී ගියේය.

ජෝර්ඩ් ඩොකරල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව මෙන්ඩිස් දැවී යද්දී තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 18 කින් වර්ණවත් කරගෙන සිටියේය. අද දිනයේදී ආරම්භක පිතිකරුවාගේ වගකීම කරට ගත් නිශාන් මදුශ්කට රැස් කරගත හැකි වූයේ ලකුණු 29 ක් පමණි. ඒ වන විටත් නායකයා සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කිරීමට මදුශ්ක දායකත්වය දැක්වූවේය.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 88 කද ීකඩුලු 4 ක් දැවී ලකුණු 386 යි – (දිමුත් කරුණාරත්න 179, නිශාන් මදුශ්ක 29, කුසල් මෙන්ඩිස් 140, ඇන්ජලෝ මැතිව්ස් 00, දිනේෂ් චන්දිමාල් 18*, ප්‍රභාත් ජයසූරිය 12*, ජෝර්ජ් ඩොකරල් 65/1, කර්ටිස් කැම්පර් 44/1, මාක් අඩයර් 66/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee