slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2023
පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල පරදියි

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඇරැඹි ඇෆ්ගනිස්තානයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 50 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (අප්‍රේල් 01) සිදුවිය.

අබුඩාබිහි ටොලරන්ස් පිටියේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු යොවුන්  පිල පන්දුවාර 45.2 කදි ලකුණු 232 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් ඉලක්කය හඹා යෑමේදී පිතිකරුවන්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකා යොවුන් ඉනිම පන්දුවාර 30.2 කදී ලකුණු 181 කට සීමා විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක ෂෙවෝන් ඩැනියල් පන්දු 61 කදී ලකුණු 67 ක් වාර්තා කිරීමට සමත් වුවත් සෙසු පිතිකරුවන්ගේ දායකත්වය නොලැබීම නිසා ශ්‍රී ලංකා ඉනිම අපහසුතාවයට පත්විය. හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු ඩැනියල්ගේ ඉනිම හැරුණු කොට ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කරන ලද්දේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන (29) පමණි. ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකූණු 31 කදී නිමාවට පත්වූයේ විශේන් හැළමගේ ලකුණු 17 කට දැවී යෑමෙනි. අනතුරුව පිටියට එක්වූ සිනෙත් සහ ෂෙවෝන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක සම්බන්ධතාවත් පවත්වමින් ඉනිම ඉහළට එසවූහ.

මෙම හඹා යෑමේදී ශ්‍රී ලංකා යොවුන් පිල 25 වැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් කඩුලු 4 කට ලකුනු 170 ක තරම් ප්‍රබල ස්ථානයක පසු වුවත් 25 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවට විශ්ව රාජපක්ෂ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණ. එම දැවී යෑමෙන් පසු ඉතිරි පිතිකරුවන් පස්දෙනාම රැස් කරන ලද්දේ ලකුණ 12 ක් පමනි.

පන්දු යැවීමේදී ඛලීල් අහමද් පන්දුවාර 8 ක් යවා ලකුණු 38 කට කඩුලු 5 ක් දවාලමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. ඊට අමතව හරිදූන් දවූඩ්සායි ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ලූවේය.

ඇෆ්ගනිස්ථානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් යුගලය වූ වෆියුල්ලා ටරාකිල් (68) සහ ජැම්ශිඩ් ඛාන් (57) අර්ධ ශතක ලැබූහ. පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 96 ක් බවට පත්වූයේ 15 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවටය. විහස තෙව්මිකගේ  පන්දුවකට ටරාඛිල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගි‌යේය. අංක 4 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි නායක නුමාන් ශා පන්දු 66 කදී ලකුණු 64 ක් රැස් කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

ඇෆ්ගනිස්ථානු පිල මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙ‌නෙකුගේ සහාය ලබා ගත්තද ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේ මල්ෂ තරුපති පමණි. අවසන් පන්දු යවන්නා ලෙස පන්දුවට අතට ගත් තරුපති පන්දුවාර 6 කදී එක් නිලකුණු පන්දු වාරයක්ද සමඟින් ලකුණු 31 කට කඩුලු 4 ක් බිඳ ශෙලූවේය. ඔහුට අමතව විහස් තෙව්මික කඩුලු 2 ක් දවා ගත්තේය.

ඇෆ්ගනිස්තානු පිල පන්දුවාර 45.2 කදී ලකුණු 232 යි – (‌වෆඋල්ලා ටරඛිල් 68, ජැම්ෂිඩ් කාන් 57, සොහෙයිල් ඛාන් 11, නුමන් ශා 64, ඛලීල් අහමඩ් 18, මල්ෂ තරුපති 31/4, විහාස් තෙව්මික 29/2, ගරුක සංකෙත් 24/1, තරීක රනතුංග 47/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 30.2 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (සිනෙත් ජයවර්ධන 29, ෂෙවෝන් ඩැනියල් 67, දිනුර කලුපහන 20, හිරාන් ජයසුන්දර 15, විශේන් හැළඹගේ 17, ඛලීල් අහමඩ් 38/5, ෆරිඩූන් ඩවූඩදාස් 28/2, කම්රන් හොතක් 28/1, ගුල්සාර් ඛාන් 33/1)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee