slc
logo
Home   |    News
අප්‍රේල් 18, 2023
‘වැටී නැගිට්ට’ හැටි ගැන සදීර කතා කරයි

sinhala editor

BY CHAMILA KARAWITA

සදීර සමරවිංක්‍රම යනු බොහෝ දෙනා අඳුනගෙන සිටියේ අලුත් පන්දුවට පහර දෙන එසේත් නැතහොත් ඉදිරිපෙළින් පන්දුවට පහර දිය හැකි විශේෂඥ පිතිකරුවකු ලෙසිනි. මෑත කාලයේ පැවැති දේශීය තරගවලදි මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරග වලදීද සදීර ක්‍රීඩා කරන ලද්දේ ඉදිරි පෙළ පිතිකරුවකු ලෙසිනි. පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතාවයට අමතරව හේ කඩුලු රැකීමටද සමතෙකි. කෙසේ වෙතත් ජාතික කණ්ඩායමට පැමිණීමේදී සදීරට වෙන්වූයේ කණ්ඩායමේ අංක 7 ස්ථානයයි. ඒ පිතිකරණයට අමතරව කඩුලු රැකීමේ වගකීමද ඔහු වෙත පැවැරුණු බැවිනි.

“මං මගේ පිතිකරණය ගැන ගොඩක් පුහුණුවීම් කළා. මම ක්‍රීඩා කරන හැම ස්ථාන ගැනත් මම අවධානය යොමු කළා. මම දේශීය තරග වලදී වගේම ‘ඒ තරග වලදීත් හැම තැනම ක්‍රීඩා කරලා තියෙනවා.  ඒත් ඇත්තටම නොම්බර 7 ස්ථානයේ ක්‍රීඩා කළේ පළමුවැනි වතාවට. එක එක ස්ථාන වල ක්‍රීඩා කරලා පසුගිය කාලේ ගත්ත අත්දැකීම් එක්ක, සිටුවේෂන් එක අනුව ගොඩ ආපු එක ගැන ඇත්තටම සතුටුයි” යැයි පිතිකරණ ලැයිස්තුව වෙනස් කරමින් පන්දුවට පහර දීමට පැමිණිමේදී තමා හමුවේ තිබූ අභියෝගය පිළිබඳව සදීර අදහස් දක්වා සිටියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 6 කට ලකුණු 591 ක් ලබා ඉනිම අත්හිටුවන විටත් පන්දු 114 කට මුහුණ දී සිටි සදීර නොදැවී ලකුණු 104 ක් ලබා සිටියේය. මෙය සදීරගේ මංගල ශතකය විය.

සදීර සිය මංගල ටෙස්ට් තරගයට සහභාගිවන්නේ ඓතිහාසික ටෙස්ට් තරගයකදීය. ඒ ශ්‍රී ලංකාව සහභාගිවුණු මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගයටය. පාකිස්තනයට එරෙහිව 2017 වසරේදී ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ සදීර පළමු ඉනිමේදී පන්දු 35 කදී ලකුණු 38 ක් ද දෙවැනි ඉනිමේදී පන්දු 21 කදී ලකුණු 13 ක් පමණක් ලබා ගැනීමට සමත්වන්නේය. අනතුරුව සදීරට හිමිවන්නේ එවකට ප්‍රබලම ටෙස්ට් කණ්ඩායම බවට පත්ව සිටි ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය විය. ඉන්දියාවේ පැවැති එම තරගාවලියේ එකම ඉනිමක හෝ ලකුණු 33 ඉක්මවා රැස් කිරීමට සදීර අසමත් වන්නේය. ඒ නිසාම ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.

2017 වසරෙන් පසු කණ්ඩායමෙන් ඉවතට විසිවන සදීරට නැවතත් කණ්ඩායමට පැමිණීමට අවස්ථාව උදාවන්නේ වසර 5 කුත් මාස 4 ක කාලයකින් පසුවය. ජාත්‍යන්තර පිටිය සංක්‍රාන්ති සමයක් වුණු එම කාල සීමාවේදී සදීර දේ‌ශීය පීටියේදී හැකි තරම් ලකුණු රැස් කළේය. ‘ඒ’ තරග වලදීද ඔහු යහමින් දක්ෂතා අතර සිටියේය.

“ඇත්තටම මං කණ්ඩායමේ ස්ථානය අහිමි වුණ එකෙන් මම ලොකු දෙයක් ඉගෙන ගත්තා. මොකද ඉන්දියාවත් එක්ක ටෙස්ට් තරග 3 සෙල්ලම් කරද්දී මට වයස අවුරුදු 20 ක් වගේ. එවකට ලෝකෙ හිටිය හොදම කණ්ඩායමත් සමග ක්‍රීඩා කරලා ලොකුවට කරගන්න බැරි වුණාට යම් කිසි තැනකට මම ක්‍රීඩා කිරීමට සමත් වුණා කියලා මම විශ්වාස කරනවා. මම එතැනින් ඉගෙන ගත්ත දේ මෙතනට ගෙනාවා. කණ්ඩායමෙන් ඉවත් වෙලා ඉන්න කාලෙදි මම උඩ ලෙවල් එකේ කොහොමද ක්‍රීඩා කරන්කේ යින එක ගැන ගොඩක් ඉගෙන ගත්තා. බේසික් දේවල් වලට අමතරව මම මගේ මානසික පැත්තත් ගොඩක් ශක්තිමත් කර ගත්තා” යැයි නැවත කණ්ඩායමට පැමිණ තරග කිරීමේ අභියෝගය පිළිබඳව සදීර කරුණු ගෙන හැර පෑවේය.

“පොඩි චකිතයක් තිබුණා. අනිත් තැන් වල ක්‍රීඩා කළාට මෙතන මම ක්‍රීඩා කරලා තිබුණේ නෑ. නයිට් වොච්මන් යවපු නිසා මට බැට් කරන්න වුණෙත් නොම්බර 8 න්. නමුත් චරිතයක් තිබුණ හින්දා අනිත් දේවල් සියල්ල අමතක වුණා. ඒක තමයි මට පිතිකරුවකු විදියට සාර්ථක වෙන්න හේතු වුණේ” යැයි සදීර සදහන් කර සිටියි.

“ඇත්තටම මට ගාල්ල ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. අද මේ තැනට ඇවිල්ලා තියෙන්නේ ඒ මහන්සි වුණු දේවල් වල  ප්‍රතිඵලයක් ලෙසින්. මම හිතන්නේ ලොකූම වෙනස තමයි මානසිකව ශක්තිමත් වීම. මම කළ යුතු දේ ගැන ඇත්තටම මහන්සි වුණා. ඒ වගේම තරගයකට යද්දී විවිධ තත්ත්වයන් සමඟ කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන මා ගොඩක් කල්පනා කළා” යැයි සදීර වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar