slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2023
විස්සයි-20 තරු පිරිවරා LPL සිව්වැන්න ජූලි 30 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානවත්ව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර නැවුම් ආශ්වාදයකින් යුක්තව ලබන ජූලි 30 වැනිදා ආරම්භ වේ. අගෝස්තු 20 දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙන මෙවර එල්.පී.එල්. තරගාවලිය මහනුවර සහ කොළඹ නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

දඹුල්ල අවුරා, ගෝල් ග්ලැඩියේටර්, ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් 5 මෙවර තරගාවලියේදීත් තරග වදිනු ඇත. පෙර වසර වල මෙන්ම දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මැයි මස 15 වැනිදා ආරම්භ වන අතර, ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ජූනි මස 04 වැනි දින පැවැත්වෙනු ඇත. ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ලබන ජුනි 04 වැනි දිනට සැලසුම් කර තිබේ.

මෙවර තරගාවලියේ ඇති වඩාත් ආකර්ෂණීයම කරුණක් වන්නේ එය ලොව පුරා සිටින විවිධ ක්‍රීඩකයින්ගේ අවධානය යොමුව තිබීමයි. මෙහිදී ලොව විස්සයි-20 තරග රටාවේ විශේෂඥ ක්‍රීඩකයින් වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඩ්වයින් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ් මෙන්ම බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ද ඇතුළු දැවැන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙවර තරගාවලිය නියෝජනය කිරීමට සූදානමින් සිටීමයි.

මේ අතර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියද එල්. පී. එල්. තරගාවලිය පැවැත්වෙන දින වවලදීම පැවැත්වෙන බැවින් ඔවුන් තරගාවලියේ මූලික අදියරට පමණක් සහභාගිවන බවට එකඟත්වය පළ කර තිබේ.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, අයර්ලන්තය, නවසීලන්තය සහ නැමීබියාව යන රටවලින් ද ක්‍රීඩක කෙටුම්පත් කිරීම සදහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටියි. ඒ අතර මැතිව් වේඩ්. ෂෝන් මාෂ්, ඩිආර්චි ෂෝර්ට්, උස්මාන් ඛවාජා, ලුංගි න්ගිඩි, ඉම්රාන් තහීර්, ටබ්‍රේස් ශම්සි, මුහමද් නවාස්, නසීම් ෂා, වහාබ් රියාස්, ලිටන් දාස්, අෆීෆ් හොසේන්, පෝල් ස්ටර්ලිග්, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝධි, ටිම් සීෆර්ට්, ඩැරල් මිචෙල්, ඩග් බ්‍රේස්වෙල් සහ ජෙරාඩ් එරස්මස් යන ක්‍රීඩකයින්ද ඒ අතර සිටිති.

එල්.පී.එල්. තරගාවලියේ සිව්වැනි අදියර සම්බන්ධව තරාවලියේ අධ්‍යක්ෂකවරයා වන සමන්ත දොඩන්වෙල මහතා “ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජාත්‍යන්තර දින දර්ෂනයට හොඳින්ම ගැල පෙන කාල වකවානුව වන්නේ ජූලි සහ අගෝස්තු මාස බැවින් තරගාවලිය එම සීමාවේදී පැවැත්වීමට තීරණය කළා. ඒ හරහා ජාත්‍යන්තරයේ ඉහළම දක්ෂතා ආකර්ශනය කර ගැනීමට අපි හොද අවස්ථාවක් උදාවෙනවා” යැයි සඳහන් කර සිටියේය.

ලීග් පදනම අනුව මූලික වටයේ පැවැත්වෙන තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකාට විරුද්ධව දෙවතාවක් මුණ ගැසෙනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටින කණ්ඩායම් හතර අවසන් වටයේ තරග සඳහා යොමු කෙරෙන අතර දෙවැනි අදියරයේ පරිදිම එම තරග වටයේදී එලි‌මිනේටර් තරගයක් ඇතුළත් වේ. තරගාවලියේ අවසන් මහ තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වෙනු ඇත.

එල්.පී.එල්. තරගාවලියේ නිල ප්‍රවර්ධක ආයතනය ලෙසින් කටයුතු කරන ඩුබායි පදනම් කරගත්  අයි.පී.ජී. ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා, “මෙවර තරගාවලියට ලෝකයේ වැඩි ආකරෂණයක් දිනා සිටින ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව ඇති හෙයින් ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගෙන් සිත් ඇද ගන්නා සුළු දක්ෂතා දැක බලා ගැනීමට අවස්ථාව උදාවෙන බව මම විශ්වාස කරනවා” යැයි සදහන් කර සිටියේය.

2020 වසරේදී ආරම්භ කෙරෙනු එල්.පී.එල්. තරගාවලිය ලෝකය පුරා වූ ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගනිමින් මේ වන විට දැවැන්ත සාර්ථකත්වයක් ලබා තිබේ. දේශීය ක්‍රීඩකයින්ට සිය දස්ෂතා ලෝකයා හමුවේ පෙන්වීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරමින් ඔවුන් සමඟ අත්දැකීම් ලබා ගැනීමට එල්.පී.එල්. තරගාවලිය කදිම වේදිකාවක් වී තිබේ.

තරගාවලියේ කාල සටහන මැයි මස මුල් සතියේදී නිකුත් කිරීමට තරගාවලි සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. මෙතෙක් පැවැති අදියර 3 දීම ශූරතාව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වී සිටියි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar