slc
logo
Home   |    News
අප්‍රේල් 20, 2023
ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කාන්තා පිල නම් කෙරෙයි

sinhala editor

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ  කාන්තා කණ්ඩායම නම් කර තිබෙන අතර සුපුරුදු පරිදි නිගාර් සුල්ටානා ජොති නායිකාව ලෙස කටයුතු කරනු ඇත.

අප්‍රේල් 25 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය කාන්තා එක්දින ලෝක ශූරතාවේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පෑවත්වෙනු ඇත. එම තරග අප්‍රේල් මස 29, මැයි 02 සහ මැයි 04 යන දින වලදී පැවැත්වෙනු ඇත.

එක්දින තරාවලියෙන් පසු පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය මැයි මස 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම – නිගාර් ජෝති (නායිකා), ෆර්ගනා හක්, ශමිමා සුල්තානා, ෆහිමා කටුන්, මුර්ශිඩා කටුන්, ජයානදා අක්තාර්, සෝභනා මොස්ටරි, ලටා මොනඩල්, ෂොා්ර්නාා අක්ටර්, නහිඩා අක්ටර්, ෆරිහා ඉස්ලාම්, රිතූ මෝනි, දිශා බිස්වාස්, රෙබෙයා ඛාන්, සුල්ටානා කටුන්.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar