slc
logo
Home   |    News
අප්‍රේල් 18, 2023
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය ලබයි

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ක් බිඳ හෙළීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (18 දා) පස්වරුවේ හැකියාව ලැබිණ. ඉනිමක සහ ලකුණු 280 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරග ජයග්‍රහණය දින 3 ක් අවසන් වීමට මත්තෙන් වාර්තා වීමද විශේෂත්වයක් විය.

වසර 42 කට ආසන්න මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද දැවැන්ත ජයග්‍රහණය ලෙසින් වාර්තා පොත් එක් වද්දී 2004 වසරේදී හරාරේ නුවරදී සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකාව ලද ඉනිමක සහ ලකුණු 256 ක ජය දෙවැනි තැනට පත් විය.

ජයසූරියට අමතරව දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් බිඳ හෙළූ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50 සීමාව ඉක්මවා ගිය පන්දු යවන්නා ලෙසින් ඩිල්රුවන් පෙරේරා තබා තිබූ වාර්තාව ද සම කළේය. රමේෂ් මෙම කඩඉම ඉක්මවා ගියද එය තව කෙතරම් දිනක් ආරක්ෂා වේද යන්න ගැටලුවක් බවට පත්ව සිටින්නේ ටෙස්ට් තරග 6 කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ජයසූරිය කඩුලු 43 ක් බිඳ දැමීමට සමත්වී සිටින බැවිනි.

අයර්ලන්ත පළමු ඉනිමේදී ලකුණු 52 ක් ඇතුළත කඩුලු 7 ක් බිඳ හෙළමින් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට ජයසූරිය සමත්වූවේය. එම දක්ෂතාව ප්‍රධාන කොට අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ලකුණු 168 කට සීමා වුණු දෙවැනි ඉනිමේදී තවත් කඩුලු 3 ක් දවා ජයසූරිය ටෙස්ට් තරගයක කඩුලු 10 ක් දවා ගත් දෙවැනි අවස්ථාව ද සනිටුහන් කරගත්තේය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට අද නිමාවට පත් වුණු පළමු ටෙස්ට් තරගයේ තරගයේ වීරයා සම්මානයෙන්ද වමත් දඟ පන්දු යවන්නා සම්මාන දිනා ගත්තේය.

තරගය ඇරැඹි අද උදෑසන ලකුණ 26 ක් ප්‍රතිවාදී ලබා ගනිද්දී ඉතිරි කඩුලු 3 ම දවා ගත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් තම කණ්ඩායමට ලකුණු 448 ක පළමු ඉනිමේ වාසියක් අත්කර දුන්හ. කෙසේ වෙතත් නැතවත වරක් ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිවා ආහාරය වන තෙක් යවන ලද පන්දුවාර 16 දී ලකුණු 41 ක් ඇතුළත තවත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූහ. මෙම තත්ත්වය නිසාම ලොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි විශාලතම ජයග්‍රහණය අත්කර ගැනීමේ ආසන්න අවස්ථාවකට ශ්‍රී ලංකා කණ්ඩායම සේන්දු වුවත්, 6 වැනි කඩුල්ලට එක් වුණු හැරී ටෙක්ටර් සහ කර්ටිස් කැම්පර් ලකුණු 60 ක සම්බන්ධතාවක් පවත්වමින් එම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කළහ.

පළමු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් කඩුල්ල අසළ ෂෝට් ලෙග් ස්ථානයේ සිට විශිෂ්ඨ උඩපන්දුවක් රැක ගත් නිශාන් මදුශ්ක අද දිනයේදීද එවැනි සුපිරිම උඩ පන්දු දෙකක් රැක ගත්තේය. ඒ අතරින් කර්ටිස් කැම්පර්ව දවා ගැනීම වෙනුවෙන් ෂෝට් ලෙග් ස්ථානයේ සිට ලෙග් ස්ලිප් ස්ථානය වෙත දිව ගොස් රැක ගත් උඩ පන්දුව සුවිශේෂී විය.

පළමු ඉනිමේ පරිදිම සාර්ථක වුණු විශ්ව ප්‍රනාන්දු පන්දුවාර 3 ක් ඇතුළතදී ලකුණු 02 කට කඩුලු 2 ක් දවා ගත්තේ ආරම්භක ිතිකරුවා වූ මරේ කමින්ස් (00) සහ නායක ඇන්ඩ් බැල්බර්නිගේ කඩුලු දවා ගනිමිනි. එතැන් පටන් කිසිදු අවස්ථාවක් ලබා නොදුන් රමේෂ් මෙන්ඩිස් සහ ජයසූරිය අයර්ලන්ත ඉනිම හකුළා දැමූහ. දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු හෙරී ටෙක්ටර්  කඩුලු අතර දිව යෑමට ගොස් පහසුවෙන්ම ලබාගත හැකිව තිබූ අර්ධ ශතකය අහිමි කර ගත්තේය.

1-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 131 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 591 යි – (දිමුත් කරුණාරත්න 179, කුසල් මෙන්ඩිස් 140, නිශාන් දුශ්ක 29, සදීර සමරවික්‍රම 104*, දිනේෂ් චන්දිමාල් 102*, ඇන්ජලෝ මැතිව්ස් 00, ප්‍රභාත් ජයසූරිය 16, ධනංජය ද සිල්වා 12, කර්ටිස් කැම්පර් 84/2)

අයර්ලන්ත පළමු ඉනිම පන්දුවාර 52.3 කදී ලකුණ 143 යි – (ලෝකන් ටකර් 45, ජේම්ස් මැකලම් 35, මරේ කමින්ස් 00, ඇන්ඩි බැල්බර්නි 04, හැරී ටෙකර් 34, කර්ටිස් කැම්පර් 00, පීටර් මුවර් 14, ජෝර්ජ් ඩොකරල් 02, ඇන්ඩි මැක්බ්‍රයින් 07, මාක් අඩයර් 00, බෙන් වයිට් 00*, ප්‍රභාත් ජයසූරිය 52/7, විශ්ව ප්‍රනාන්දු 38/2, රමේෂ් මෙන්ඩිස් 40/1)

අයර්ලන්ත දෙවැනි ඉනිම පන්දුවාර 54.1 කදී ලකුණු 168 යි – (හැරී ටෙක්ටර් 42, ජේම්ස් මැකලම් 08, මරේ කමින්ස් 00, ඇන්ඩි බැල්බර්නි 06, ලෝකන් ටකර් 06, පීටර් මුවර් 00, කර්ටිස් කැම්පර් 30, ජෝර්ජ් ඩොකරල් 32, ඇන්ඩ් මක්බ්‍රයින් 10, මාක් අඩයර් 23*, බෙන් වයිට් 01, රමේස් මෙන්ඩිස් 76/4, විශ්ව ප්‍රනාන්දු 03/2, ප්‍රභාත් ජයසූරිය 56/3)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar