slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2023
ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණ ‘ශතකය’ අභියස

sinhala editor

CHAMILA KARAWITA REPOIRTING FROM GALLE

සංචාර අයර්ලන්ත පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (24 දා) දිනයේදී අවතීර්ණ වන්නේ සියවැනි ටෙස්ට් ජයග්‍රහ බලාපොරොත්තුව සහිතවය. 1981 වසරේදී ‌ටෙස්ට් වරම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරග 310 කට ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 99 ක් ලබා ටෙස්ට් ජයග්‍රහණ ශතකය අභියස රැදී සිටියි.

ඉකුත්දා අයර්ලන්තයට එරෙහිව ලද ටෙස්ට් තරග ජයග්‍රහණය මෙරට ටෙස්ට් ජයග්‍රහණ ඉතිහාසයේ 99 වැන්න විය. ඉනිමක සහ ලකුණු 280 ක දැවැන්ත තරග ජයක් ලෙසින් සටහන් වුණු එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස ද පෙරමු ගෙන සිටියි. ඒ අනුව මෙම තරගයට කාලගුණයේ අනිසි බලපෑමක් සිදුවණොත් හැරෙන්න ශ්‍රී ලංකාවේ සිය වැනි ටෙස්ට් ජයග්‍රහනය සනිටුහන් කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

එසේම මෙම ජයග්‍රහණය හෙටින් ආරම්භ වන තරගයේදී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් අවම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරමින් ටෙස්ට් ජයග්‍රහණ 100 ක් ලද ආසියානු කණ්ඩායම බවටද වාර්තා අතරට එක්වනු ඇත. එමෙන්ම  ආසියාවෙන් පිට සෙසු කණ්ඩායම් සමග සසඳා බැලීමේදී අඩුම තරඟ ගණනකින් ටෙස්ට් ජයග්‍රහණය සියයක් වාර්ථා කළ  පස්වැනි රට බවට පත් වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇත.

ටෙස්ට් වරම් ලැබූ දින සිට ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ටෙස්ට් තරඟ 310 කට  සහභාගී වී  ඉන් තරඟ 99 ක් ජයගෙන  තරග 119 ක් පරාජයට පත් වී ඇත.තරග 92 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ඉන්දියාව තරග 100 ක් ජය ගැනීමේ කඩඉම සඳහා තරග 432 ක් ද පකිස්තානය තරග 320 ක් ද වැය කර තිබේ.

එමෙන්ම අද ආරම්භ වන තරගයෙන් ජය ගත හොත් තරගාවලිය 2-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලෙසින් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට  අවස්ථාව උදාවනු ඇත. එසේ වුවහොත් 2021 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0 ක ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ඉන් පසුව ලබන 2-0 ක පූර්ණ තරඟාවලි ජයග්‍රහණය බවට එය පත් වනු ඇත.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar