slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2023
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ‘ටෙස්ට් ශ්‍රේණිගත කිරීම’ හොල්ලයි

sinhala editor

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණීමට සමත්ව සිටියි.

ඒ අතරින් සමස්ථ තරගයේ කඩුලු 10 ක් බිඳ හෙළිමින් තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වූ ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 13 ක් ඉදිරියට පැමිණෙමින් එම සටහනේ 19 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. මෙම තරගාවලිය ආරම්භයේදී ඔහු රැදී සිටියේ එම ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානයේය.

ප්‍රභාත්ට අමතරව මෙම තරගයේදී කඩුලු 5 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්ද 35 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ඔහු මෙම තරගයේදී සිය ටෙස්ට් තරග දිවියේ 50 වැනි කඩුල්ල බිඳ හෙළීමට සමත්විය. රමේෂ්ගේ එම දක්ෂතාවය සටහන් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 50 ක් බිඳ හෙළා ඇති පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමක් ලෙසිනි. මීට පෙර එම වාර්තාවට තනිව හිමිකම් කීවේ ඩිල්රුවන් පෙරේරා වන නමුත්, ඩිල්රුවන් මෙන්ම තම 11 වැනි ටෙස්ට් තරගයේදී එම දක්ෂතාව දැක්වීමට සමත්වීමත් සමඟ එම වාර්තාවේ සම අයිතිකරුවකු බවට රමේෂ් මෙන්ඩිස් පත්විය.

පන්දු යවන්නන් එසේ ඉදිරියට පැමිණෙද්දී පිතිකරුවන් අතර ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයනක් ඉදිරියට පැමිණ සිටියි. තරගාවලිය ආරම්භයට පෙර දිමුත් එම සටහනේ 10 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් එම තරගයේදී රැස් කරන ලද ලකුණු 179 ක ඉනිම හේතුවෙන් ඔහු එක් ස්තානයක් හෙවත් 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. පන්දු 235 කට මුහුණ දුන් දිමුත්ගේ සමස්ථ ප්‍රසාද ලුකණු සංඛ්‍යාව 783 ක් ලෙස සටහන් වෙයි.

දිමුත්ට අමතරව එම තරග‌යේ ශතක වාර්තා කිරීමට සමත් සෙසු පිතිකරුවන් වූ දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ද ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණිමට සමත්ව සිටිති. ඒ අතර නොදැවී ලකුණු 102 ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් 18 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වාත්, ලකුණු 140 ක් ලද කුසල් මෙන්ඩිස් 51 වැනි ස්ථානයේ සිට 42 වැනි ස්ථානය දක්වාත් සහ සදීර සමරවික්‍රම නොදැවී රැස් කරන ලද ලකුණු 104 ත් සමග එම 81 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත්ව සිටිති.

 

Active filters

Recent Posts

  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]
  • මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]

Pin It on Pinterest

USD United States (US) dollar