slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2023
ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් නෑ

sinhala editor

අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහාද පළමු තරගයට ක්‍රීඩා කරන ලද සංචිතයම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙම සංචිතය සදහා පළමු වතාවට පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ඇතුළත් වුවත් ඔහුට පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පළපුරුදු පන්දු යවන්නන් දෙදෙනා වන ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයේදී ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කර අතර ඔවුන් දෙපළ අයර්ලන්ත පිලේ දැවී ගිය කඩුලු 20 න් කඩුලු 15 ක් දවා ගැනීමට සමත්වූහ.

මෙහිදී වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය පළමු ඉනිමේදී කඩුලු 7 කුත් දෙවැනි ඉනිමේදී කඩුලු 3 කුත් වශයෙන් සමස්ථ තරගයේදී ලකුණු 108 කට කඩුලු 10 ක් දවා ගත්තේය. මෙය ඔහුගේ තරග 6 කින් සමන්විත ටෙස්ට් තරග දිවියේ කඩුලු 10 ක් දවා ගත් දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය.

දකුණතින් පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 50 ඉක්මවා ගියේ වේගයෙන්ම එම දස්කම දැක්වූ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙ‌රේරාගේ වාර්තාව සම කරමිනි. ඩිල්රුවන් මෙන්ම රමේෂ් සිය 11 වැනි ටෙස්ට් තරගයේදී එම කඩඉම ඉක්මවාලීමට සමත්වූවේය.

දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කෙසේ වෙතත් පළමු තරගයෙන් ඉනිමක සහ ලකුණු 280 ක දැවැන්ත තරග ජයක් අත්කරගත් දිමුත් කරුනාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල මේ වන විටත් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමු ගෙන සිටියි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, නිශාන් මදුශ්ක, දුශාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar