slc
logo
Home   |    News
අප්‍රේල් 25, 2023
ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ශතක ලාභී පෝල් ස්ටර්ලිංග්ගේ ඉනිම ලකුණු 103 න් නවතාලීමට සමත් වුවද කණ්ඩායමේ වගකීම කරට ගත් තුන් ඉරියව් ක්‍රීඩක කර්ටිස් කැම්පර්ගේ වටිනා ශතකය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 492 ක් ලබා ගැනීමට අයර්ලන්ත පිතිකරුවෝ අද (25 දා) සමත්වූහ. තේ පානයට මිනිත්තු 2 ක් තිබියදී 9 වැනි කඩුල්ල බිඳ වැටීම නිසා ඉදිරියට ඇදුණු තරගයේදී 146 වැනි පන්දුවා‌‌රයේ තෙවැනි පන්දුව යැවීමත් සමග සංචාරකයින්ගේ ඉනිම නිමාවට පත්විය. අනපේක්ෂිතව ලද දැවැන්ත ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණය හරස්ව ප.ව. 4.30 ට තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 81 ක් ලබා සිටියේය.

පන්දුවාරයකට ලකුණු 4.45 ක වේගයක් රදවා තබා ගනිමින් පන්දුවට පහර දුන් ආරම්භක පිතිකරුවන් අතරින් දිමුත් කරුණාරත්න පන්දු 45 කදී ලකුණු 39 ක්ද නිශාන් මදුශ්ක පන්දු 64 කදී ලකුණු 41 ක්ද ලබා සිටියහ. මොවුන් දෙදෙනාම හතරේ පහර 6 බැගින් එල්ල කර තිබුණහ.

දිවා ආහාරයෙන් පසුව පිටියට පිවිසි අයර්ලන්ත පිලේ තෙවැනි ශතක ලාභියා වූ කර්ටිස් කැම්පර්ව දවා ගත් ප්‍රභාත් ජයසූරිය ලකුණු 16 ක් ඇතුළත අවසන් කඩුලු 3 ම දවා ගනිමින් ‌තම 7 වැනි ටෙස්ට් තරගයේදී 6 වැනි වතාවටත් කඩුලු 5 ක් බිඳ හෙළුවේය. ලොව අඩුම ඉනිම සංඛ්‍යාවකදී කඩුලු 50 ක් ලද දඟ පන්දු යවන්නාගේ ලෝක වාර්තාව හඹා යමින් සිටින ජයසූරියට එය බිඳ හෙළීම සඳහා අවශ්‍ය වන්නේ තවත් කඩුලු 2 ක් පමණි.

අයර්ලන්ත ඉනිමේ වැඩිම පන්දු වාර සංඛ්‍යාව වූ පන්දුවාර 58.3 ක් යැවූ ජයසූරිය නිලකුණු පන්දුවාර 13 ක් සමගින් ලකුණු 174 කට කඩුලු 5 ක් බිඳ හෙළූවේය.

2018 වසරේ පාකිස්තානයට එරෙහිව පැවැති මංගල ටෙස්ට් තරගයේදී ලබා ගත් ලකුණු 339 මීට ඉහත අයර්ලන්ත කණ්ඩායමේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. උප නායක පෝල් ස්ටර්ලිංග්ගේ මංගල ශතකය ද සමඟ අයර්ලන්තය එම කඩඉම පහසුවෙන්ම පසුකර ගියහ.

මස්පිඬු රෙැළීම නිසා ලකුණු 74 දී තාවකාලිකව ඉනිම නතර කොට විවේක ගත් ස්ටර්ලිංග් ලෝකන් ටකර් (80) දැවී යෑමත් සමඟ යළි පිටියට පිවිසියේය. ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට  පහර දීමට වැඩි ප්‍රවණතාවක් දැක්වූ ස්ටර්ලිංග් ශතකය සඳහා ලබා ගත් ලකුණු 26 සදහා පන්දු 38 ක් වැය කළේය.

කෙටි පන්දුවලට පහර දීමට ස්ටර්ලිං දක්වනු ලබන දුර්වලතාව වටහා ගත් ශ්‍රී ලංකා නායකයා පා ඉන්න දෙසින් පන්දු රකින්නන් පස් දෙනෙකු යෙදවූයේ කොයි මොහොතක හෝ එම දුර්වලතාවයෙන් ඔහුගේ කඩුල්ල දවා ගැනීමටය. එහෙත් වැඩි කලබලයක් නොපෙන්වූ දකුණත් පිතිකරුවා පා ඉන්න දෙසින් නොව ඩීප් පොයින්ට් කළාපයට ඉහළින් පන්දුව හයේ සීමාවට යවමින් ශතකය සම්පූර්ණ කරගත්තේය. එය අයර්ලන්ත පිතිකරුවකු ශතකයක් වාර්තා කරන ලද තෙවැනි අවස්ථාව ලෙසින්ද සනිටුහන් විය.

ශතකය සම්පූර්ණ කරගත්තද ශ්‍රී ලංකාවේ සැලසුම එලෙසින්ම ක්‍රියාත්මක විය. දිගින් දිගටම යොමු කරන ලද කෙටි පන්දු නිසා විශ්වාස බිඳ ගත් ස්ටර්ලිංග් අවසානයේ දිමුත් එළන ලද උගුලේ හසුවූයේ එල්ල කරන ලද පුල් පහර ඩීප් ෆයින්ලෙග්හි පන්දු රැකී ධනංජය ද සිල්වාගේ දෙඅත් අතර සිරවීමෙනි. පන්දු 185 කට මුහුණ දී සිටි ස්ටර්ලිංග් දැවී යන විට ලකුණු 103 ක් ලබා ගත්තේ ඉන් 4 ක් හයේ පහර ලෙසින්ද 9 ක් හතරේ පහර ලෙසින්ද සටහන් කර ගනිමිනි.

හෙට තරගයේ තෙවැනි දිනය පෙ.ව. 9.45 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar