slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2023
අවසන් මහ තරගයට පෙර පෙරහුරුවේ ජයත් දඹුල්ලට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල – ජැෆ්නා අතර තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යයයට අනුව ලකුණු 34කින් දඹුල්ලට පිරිනැමුණි. පී. සරා ඕවල් පිටියේ අද (3) පැවැති මෙම තරගය නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය විය.

නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ පළමු තැනට පත් මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල හා දෙවැනි තැනට පත්ව සිටින ජනිත් ලියනගේ බෙරටු කොටගත් ජැෆ්නා පිල මේ මස 6 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියදී මෙම මූලික වටයේ හමුවීම තරග කාලසටහන අනුව සිදුවිණි. එබැවින් මෙම තරගය අවසන් මහා තරගයට පෙර කණ්ඩායම් දෙකට හොද පෙරහුරුවක් බවට පත් වූවේය. පසුගිය මාර්තු 23 වැනිදා දඹුල්ල – ජැෆ්නා හමුවී දඹුල්ල ලකුණු 76ක ජයක් වාර්තා කළ බැවින් මෙවර මෙතෙක් හමුවීම් දෙකේදීම දඔුල්ල ඉදිරියෙන් සිටියේය.

අද නිමාවූ තරගයේ කාසියේ වාසිය දඹුල්ල දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ජැෆ්නා පිල සියළු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ක්‍රීඩකයෝ 4ක් දැවී ලකුණු 186ක් රැස්කර තිබියදී අයහපත් ආලෝක තත්ත්වයෙන් තරගය නවතා දැමුණි. එවිට දඹුල්ල පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව 37 වැනි ඕවරය වෙද්දී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන ඉක්මවා තිබූ හෙයින් ජයග්‍රහණය පිරිනැමුණි.

දඹුල්ල ඉනිමට වේගවත් ශතකයක් එක්කළ පවන් රත්නායක පන්දු 102කදී නොදැවී ලකුණු 107ක් එක්කළ අතර, එයට හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් ඇතුලත් විය. ඔහු මෙවර තරගාවලියේ තරග 8කදී ලකුණු 287ක් ලබා පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්වීම ද විශේෂත්වයකි. ජැෆ්නා පිලට සොනාල් දිනූෂ ලකුණු 38ක් එක් කිරීමට සමත් වූවේය.

මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ජැෆ්නා පිලේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි රවිදු ප්‍රනාන්දු දඹුල්ලට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළ අතර, පන්දු 89කදී දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමග ලකුණු 100ක් වාර්තා කළේය. ඔහු ලක්ෂාන් සඳකැන් යැවූ 33 වැනි ඕවරයේදී හතරේ 2ක් හා හයේ පහරක් එල්ල කළ අතර, සෑම පන්දු යවන්නෙකුටම ප්‍රහාර එල්ල විය.

ජැෆ්නා පිලේ මුල් පිතිකරුවන් පහ අතුරින් නිෂාන් මධුෂ්ක ලකුණු 20ක් හා කසුන් අඹේරත්න ලකුණු 18ක් ලබා ගැනීම හැරුණු කොට ආරම්භය අසාර්ථක විය. මුල් කඩුලු 5ක් ලකුණු 56කට දැවී ගොස් තිබියදී, 6 වැනි කඩුල්ලට රවීන් ද සිල්වා හා ළහිරු මධුසංඛ අතර ලකුණු 24ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, රවිදු ප්‍රනාන්දු හා දිලුම් සුධීර එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 59ක් හා රවිදු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 68ක් එක් කිරීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය.

ජැෆ්නා – සියලු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 46.2) – නිෂාන් මධුෂ්ක 20 කසුන් අඹේරත්න 18, ළහිරු මධුසංඛ 11, රවීන් ද සිල්වා 13, රවිදු ප්‍රනාන්දු 100, දිලුම් සුධීර 16, ජෙෆ්රි වැන්ඩසේ 18 ( අසිත ප්‍රනාන්දු 31/3, නුවන් තුෂාර 41/2, ළහිරු සමරකෝන් 41/3, දුෂාන් හේමන්ත 43/2)

දඹුල්ල – කඩුලු 4කට ලකුණු 186යි (ඕවර් 37) – පවන් රත්නායක නොදැවී 107, කමිදු මෙන්ඩිස් 14, සොනාල් දිනූෂ 38, ලසිත් අබේරත්න 10, ( යසිරු රුද්‍රිගූ 41/1, දිලුම් සුධීර 22/1, ළහිරු මධුසංඛ 13/1, රවීන් ද සිල්වා 16/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar