slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2023
ජැෆ්නා තරගයක් ඉතිරිව තිබියදී අවසන් සටනට සුදුසුකම් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කළම්බු පිල පරාජය කළ ජැෆ්නා ක්‍රීඩකයෝ මුල් වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම දඹුල්ල සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) නිමාවූ ජැෆ්නා – කළම්බු අතර තරගයේදී ජැෆ්නා ලකුණු 25ක ජයක් වාර්තා කිරීමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වූවේය.

නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වූ ජැෆ්නා පිලට පසුපසින් ගෝල් පිල සිටියද ඔවුන්ට තවත් තරග ඉතිරිව නැත. එමෙන්ම කළම්බු හා කැන්ඩි කණ්ඩායම් දෙකට තවත් තරගයක් ඉතිරිව තිබුණද ඔවුන්ට ලකුණු සටහනේ ඉදිරියට ඒමට තරම් ලකුණු ප්‍රමාණයක් එක්කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. එබැවින් මේ මස 6 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේදී දඹුල්ල – ජැෆ්නා සටන නියතයක්වී තිබේ.

අවසන් තරගයට පෙර මුල් වටයේ අවසන් ගැටුම ලෙස දඹුල්ල – ජැෆ්නා කණ්ඩායම් දෙක මේ 3 වැනිදා පී. සරා ඕවල් පිටියේදී හමුවීමට අවස්ථා උදාවී තිබීමද විශේෂත්වයකි. එබැවින් එම තරගය අවසන් මහා තරගයට පෙර දඹුල්ල – ජැෆ්නා කණ්ඩායම්වලට හොද පෙරහුරුවක් බවට පත්වනු නොඅනුමාණය.

කාසියේ වාසිය කළම්බු පිලේ නායක නිපුන් ධනංජය දිනා මුලින් පන්දුවට පහරදීමට ජැෆ්නා පිලට ආරාධනා කළ හෙයින් ජැෆ්නා පිල කඩුලු 8ක් දැවී ලකුණු 231ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළම්බු ක්‍රීඩකයෝ සියළු දෙනා ලකුණු 206කට දැවී ගියහ.

ජැෆ්නා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිශාස් මධුෂ්ක හා නවෝද් පරණවිතාන මෙන්ම රොන් චන්ද්‍රගුප්ත යන පිතිකරුවන් තිදෙනාම ලකුණු 21ක් වෙද්දී දවා ගැනීමට කළම්බු පන්දු යවන්නෝ සමත් වීමෙන් ජැෆ්නා ලකුණු වේගය ආරම්භයේදී අඩාල විය. එහෙත් කසුන් අඹේරත්න හා ජනිත් ලියනගේ එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 59ක සම්බන්ධාවක් ගොඩනැගීම යම් අස්වැසිල්ලක් වූහ. කසුන් පන්දු 79කදී හතරේ පහර 7ක් සමග ලකුණු 69ක් වාර්තා කළ අතර, ජනිත් පන්දු 40කදී හතරේ පහර 2ක් සමග ලකුණු 20ක් ලැබීය.

ජැෆ්නා ඉනිමේ වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය ළහිරු මධුසංඛගේ පිත්තෙන් සටහන් වූ අතර, ඔහු පන්දු 79කදී හතරේ පහර 5ක් සමග ලකුණු 72ක් ලබාගත් අතර දිලුම් සුධීර පන්දු 65කදී හතරේ 21ක් සමග නොදැවී ලකුණු 38ක් එක් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළම්බු පිලේ කඩුලු 4ක් ලකුණු 33කට බිද හෙලූ ළහිරු මධුසංඛ ජැෆ්නා ජයග්‍රහණයේ නියමුවා විය. එක් අවස්ථාවක කළම්බු පිල කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා සිටි අතර, ළහිරු අවසන් කඩුලු 3ක් අඩු ලකුණු ගණනකට දවා ගැනීම තරගය ආපසු හරවා ගැනීමක් විය. කළම්බු පිලේ අශේන් බන්ඩාර පන්දු 71කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 69ක් ලබා ගැනීම හා නායක නිපුන් ධනංජය පන්දු 65කදී ලකුණු 35ක් ලබා ගැනීම ඉනිමේ වැඩිම ලකුණු විය.

ජැෆ්නා – කඩුලු 8ක් දැවී ලකුණු 231යි (ඕවර් 50)
කසුන් අඹේරත්න 69, ජනිත් ලියනගේ 20, ළහිරු මධුසංඛ 72, දිලුම් සුධීර නොදැවී 38 ( නුවන් ප්‍රදීප් 35/3, දිෂාන් විමුක්ති 38/2, ඉසිත දේව් විජේසුන්දර 39/1, උදිත් මධුෂාන් 46/1)

කළම්බු – සියළු දෙනා දැවී ලකුණු 206යි (ඕවර් 47.2)
අවිශ්ක ප්‍රනාන්දු 38, ලක්ෂිත මණසිංහ 22, අශේන් බණ්ඩාර 60, නිපුන් ධනංජය 35, සචිත ජයතිලක 15, ප්‍රභාත් ජයසූරිය 11 ( ළහිරු මධුසංඛ 33/4, ශිරාන් ප්‍රනාන්දු 50/2, බිනුර ප්‍රනාන්දු 35/2, දිලුම් සුධීර 22/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee