slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2023
දැවැන්ත තෑගි මුදල් පිරිනැමෙන NSL කිරුළේ හිමිකාරීත්වය දඹුල්ලටද…? යාපනයටද…?

sinhala editor

ශ්‍රී ලංකාවේ එක්දින තරගාවලියකදී වැඩිම මුදලක් පිරිනැමෙන තරගාවලිය ලෙස ඉතිහාසගත සටහනක් තබමින් ජයග්‍රහාකයින් අතරේ රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් පිරිනැමෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමන් සංවිධානය වූ නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ දඹුල්ල – ජැෆ්නා අතර අවසන් මහා තරගය හෙට (6) ආරම්භ වෙයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම අවසන් ගැටුම තරගය දිවා – රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වේ.

තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ 20ක්, අනු ශූරයන්ට රුපියල් ලක්ෂ 10ක්, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 3ක්, තරගාවලියේ හොදම පිතිකරුට හා හොදම පන්දු යවන්නාට රුපියල් 150000 බැගින් හා අවසන් තරගයේ වීරයාට රුපියල් 75000ක් ජය සංඛේත ප්‍රදානයේදී පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත.

නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ පැවැති තරග අතුරින් ලකුණු සටහනේ පළමු තැනට පත් මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල හා දෙවැනි තැනට පත් ජනිත් ලියනගේ පෙරටු කොටගත් ජැෆ්නා පිල මේ අවසන් මහා තරගයේදී උණුසුම් සටනක නියැලෙනු ඇතැයි විශ්වාස කෙරේ.

දඹුල්ල පිල මෙවර සුපරි ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තරග 8කට සහභාගීවී තරග 7ක් ජයගත් අතර ගෝල් පිලට පමණක් කඩුලු 5කින් පරාජයට පත්විය. ජැෆ්නා පිල තරග 8කින් 4ක් ජයගෙන දඹුල්ල ඉදිරියේ දෙවතාවක් හා  ගෝල් පිල හමුවේ කඩුල්ලක පරාජයක් ලැබීය.

මෙම අවසන් මහා තරගයට පෙර කණ්ඩායම් දෙක මූලික වටයේ අවසන් තරගයේදී පී. සරා ඕවල් පිටියේ පෙරහුරු සටනක නිරත වී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 34කින් දඹුල්ල ජයග්‍රහණය වාර්තා කළේය. එමෙන්ම මූලික වටයේදී පසුගිය මාර්තු 23 වැනිදා දඹුල්ල – ජැෆ්නා හමුවී දඹුල්ල ලකුණු 76ක ජයක් වාර්තා කළ බැවින් හමුවීම් දෙකේදීම දඔුල්ල ඉදිරියෙන් සිටියේය.

කෙසේ වුවද එම දිවා කාලයේ පැවැති තරග දෙකට වඩා වෙනස් මුහුණුවරක් මෙම දිවා – රාත්‍රි තරගයේදී ප්‍රේක්ෂකයින්ට දකින්නට හැකිවනු ඇතැයි ක්‍රිකට් විචාරක මතය වේ. මන්ද යත් දඹුල්ල පිල ජැෆ්නා හමුවේ තම අපරාජිතභාවය ආරක්ෂා කිරීමට උත්සහා ගැනීමත්, අවසන් තරගයේ කිරුළ දිනා ගැනීමට ජැෆ්නා ගන්නා ප්‍රබල උත්සහයත් නිසා තරගයට කදිම ජීවයක් ලැබෙනු ඇත.

මෙම අවසන් සටනේදී පන්දු යවන්නන් අතර, ප්‍රමුඛයා බවට පත්වීමට දඹුල්ල පිලේ ළහිරු සමරකෝන් හා ජැෆ්නා පිලේ දිලුම් සුධීර අතර ද්වන්ධ සටනක් නිර්මාණයවී තිබේ. මේ වනවිට සමස්ත තරගාවලියේදී ළහිරු සමරකෝන් ඉනිම 7කදී ලකුණු 207කට කඩුලු 15ක් දවාගෙන ඉදිරියෙන් සිටියදී, දිලුම් සුධීර ඉනිම 8කදී ලකුණු 234කට කඩුලු 13ක් දවාගෙන දෙවැනි තැන රැදී සිටී. එබැවින් මෙම අවසන් මහා තරගයේදී තරගාවලියේ හොදම පන්දු යවන්නා බවට පත්වීමට දෙදෙනාම උණුසුම් ක්‍රීඩා විලාශයක නිරත වනු ඇත.

මේ අතර දඹුල්ල පිලේ අශාන් ප්‍රියංජන හා දුෂාන් හේමන්ත කඩුලු 10 බැගින් හා ජැෆ්නා පිලේ ශිරාන් අනුරුද්ධ ප්‍රනාන්දු හා ළහිරු මධුසංඛ කඩුලු 10 බැගින් ලබා සම තත්ත්වයේ පසුවෙති.

තරගාවලියේ මෙතෙක් ප්‍රතිළුල අනුව පිතිකරණයේදී කොළඹ පිලේ අශේන් බණ්ඩාර ඉනිම 7කදී ශතකයක් හා අර්ධ ශතක 3ක් සමග ලකුණු 419ක් ලබා ඉදිරියෙන් සිටින අතර පසිදු සූරියබණ්ඩාර ඉනිම 8කදී අර්ධ ශතක 4ක් සමග ලකුණු 323ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවේ. ඉනිම 8කදී ශතකයක් හා අර්ධ ශතක 2ක් සමග ලකුණු 319ක් ලබා ළහිරු උදාර තෙවැනි ස්ථානයේ සිටින අතර, අවසන් මහා තරගයට පිවිසි දඹුල්ල පිලේ පවන් රත්නායක ඉනිම 8කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 287ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවේ.

දඹුල්ල පිලේ පවන් රත්නායක මෙතෙක් තරගාවලියේ උඩ පන්දු 8ක් ලබා සිටින අතර, ජැෆ්නා පිලේ රවිඳු ප්‍රනාන්දු හා ජනිත් ලියනගේ උඩ පන්දු 6 බැගින් රැකගෙන සිටිති. මෙම තරගාවලියේ මූලික වටයේදී දැවැන්තම ජයග්‍රහණ ජැෆ්නා පිල සතුවන අතර පල්ලේකැලේදී ලකුණු 55කින් ගෝල් පරාජය කළ අතර, කොළඹදී කඩුලු 7කින් කළම්බු පරාජය කිරීමට සමත් වූවේය.

නැෂනල් සුපර් ලීග් තරග ඉතිහාසයේ දෙවැනි ශූරතා කුසලානය වෙනුවෙන් හෙට තරග වදිනු ලබන කණ්ඩායම් දෙකේ නිත්‍යා නායකයින් වූයේ වනිඳු හසරංග (දඹුල්ල) සහ සධීර සමරවික්‍රම (ජැෆ්නා) වුවත් ඔවුන් නවසීලන්ත තරග සංචාරය සඳහා සහාභාගිව සිටින හෙයින් කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම මිනෝද් භානුක සහ ජනිත් ලියනගේ විසින් සිදුකරනු ඇත.

දඹුල්ල කණ්ඩායම – මිනෝද් භානුක (නායක), සොනාල් දිනූෂ, පවන් රත්නායක, චමිඳු විජේසිංහ, දුශාන් හේමන්ත, අශාන් ප්‍රියංජන්, රනිත ලියනාරච්චි, ලසිත් අබේරත්න, ලහිරු සමරකෝන්, අභිශේක් ලියනාරච්චි, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්, නිමේෂ ගුණසිංහ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, වනිඳු හසරංග ද සිල්වා, කමිඳු මෙන්ඩිස්.

ජැෆ්නා කන්ඩායම – ජනිත් ලියනගේ (නායක), කසුන් අබේරත්න, දිලුම් සුදීර, රවිඳු ප්‍රනාන්දු, ළහිරු මදූශංක, නිශාන් මදුශ්ක, නවෝද් පරණවිතාන, ජෙෆ්රි වැන්ඩර්සි, ශිරාන් ප්‍රනාන්දු, රොන් චන්ද්‍රගුප්ත, රවීන් ද සිල්වා, කමේෂ් නිර්මාල්, අවිශ්ක තරිඳු, බිනුර පනාන්දු, යසිරු රොදිුගෝ, සමින්ද ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, සධීර සමරවික්‍රම.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar