slc
logo
Home   |    News
අප්‍රේල් 6, 2023
NSL අවසන් මහ තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ‌ලෝලීන්ට අවස්ථාව

sinhala editor

 

දෙවැනි වරටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් අද (06 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මෙම අවසන් මහ තරගය ප.ව. 2.30 ට ආරම්භ වේ.

මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායමත් ජනිත් ලියනගේගේ නායකත්වයෙන් යුතු ‌ජැෆ්නා කණ්ඩායමත් අද අවසන් මහ තරගයේදී එකිනෙකා මුණ ගැසෙනු ඇත. මෙහිදී තරග නැරඹීම සඳහා ‘ඒ’ සහ ‘බී’ යන ප්‍රේක්ෂකාගාර ප.ව. 1.30 සිට විවෘතව පවතිනු ඇත.

 

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee