slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2023
දික්වැල්ලගේ වේගවත් ශතකයෙන් කැන්ඩි ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී මූලික වටයේ අවසන් තරගයක් ලෙස පැවැති කළම්බු – කැන්ඩි අතර තරගයෙන් කැන්ඩි පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 48කින් ජය වාර්තා කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කළම්බු නායක නිපුන් ධනංජය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී කඩුලු 7කට ලකුණු 271ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ක්‍රීඩකයෝ ඕවර් 40.3කදී කඩුලු 4කට ලකුණු 244ක් රුස්කර තිබියදී අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගය නතර කෙරුණි. එවිට කැන්ඩි පිල ඕවරයකට දළ ලකුණු ලබා ගැනීමේ වේගය 6.02ක් ලෙස රදවා ගෙන තිබිණි. කෙසේ වුවද තරගය නතර කරද්දී ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව කැන්ඩි පිල ඉදිරියෙන් සිටි බැවින් ඔවුන්ගේ ජයග්‍රහණය ප්‍රකාශ විය.

කැන්ඩි ලකුණු වේගය වැඩි කිරීමට ප්‍රධාන වශයෙන් දායකත්වය සැපයූවේ නායක නිරෝෂන් දික්වැල්ල විසිනි. ආරම්භක පිතිකරු දික්වැල්ල පන්දු 81කදී හයේ 4ක් හා හතරේ පහර 12ක් සමග ලකුණු 103ක් ලබා ගැනීම කදිම පිටු බලයක් විය. තරගය නතර කරද්දී පන්දු 68කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට ළහිරු උදාර සමත් වූවේය.

කළම්බු පිලේ අශේන් බණ්ඩාර ශතකයට ලකුණක් අඩුව තිබියදී ලකුණු 99කට දැවී යෑම කාගේත් කතාබහට ලක්විය. 24 හැවිරිදි අශේන් බණ්ඩාර පන්දු 99කදී මෙම ලකුණු ප්‍රමාණය කළම්බු පිලට එක්කළ අතර, ඒ සදහා හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් අන්තර්ගත කළේය. කළම්බු පිලේ අවසන් තරගය මෙය වූ අතර, අශේන් බණ්ඩාර අද දිනය වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලෙසද තම නාමය එක්කර ගත්තේය. ඔහු මෙවර නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තරග 8කට සහභාගීවී ඉනිම 7කදී ලකුණු 419ක් ලබා ගත්තේය. තරගාවලියේ මූලික වටයේදී ගෝල් පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලකුණු 101ක් වාර්තා කළ අතර, ජැෆ්නාට එරෙහිව පල්ලේකැලේදී හා කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේදී පිළිවෙලින් ලකුණු 60ක් හා ලකුණු 69ක් ලබා ගැනීමට අශේන් බණ්ඩාර සමත් වූවේය.

කළම්බු පිලේ මුල් කඩුලු 3ක් ලකුණු 25කට දැවීගොස් සිටි අතර, දුෂාන් විමුක්ති හා අශේන් බණ්ඩාර එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 73ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. 5 වැනි කඩුල්ලට අශේන් බණ්ඩාර සමග එක්වූ නිපුන් ධනංජය ලකුණු 114ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ධනංජය පන්දු 78කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 62ක් එක් කළේය. සචිත ජයතිලක ලකුණු 15ක් හා ඉසිත දේව් විජේසුන්දර නොදැවී ලකුණු 19ක් ගෙන පසුපෙළ ශක්තිමත් කළහ.

කන්ඩායම් 5ක් සහභාගී වූ මෙම තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණගත් දඹුල්ල හා ජැෆ්නා අතර අවසන් මහා තරගය මේ 6 වැනිදා විදුලි ආලෝක ධාරා මැද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කළම්බු – කඩුලු 7ක් දැවී ලකුණු 271යි (ඕවර් 50)
අශේන් බණ්ඩාර 99, දුෂාන් විමුක්ති 31, නිපුන් ධනංජය 62, සචිත ජයතිලක 15, ඉසිත දේව් විජේසුන්දර නොදැවී 19 ( නිපුන් රන්සික 32/3, අම්ෂි ද සිල්වා 59/2, වනුජ සහන් 44/1 )

කැන්ඩි – අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තරගය නතර කරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 244 (ඕවර් 40.3) – නිරෝෂන් දික්වැල්ල 103, ඹෂධ ප්‍රනාන්දු 19, සදුන් වීරක්කොඩි 32, ළහිරු උදාර නොදැවී 53, අහන් වික්‍රමසිංහ නොදැවී 26 ( උදිත් මධුෂාන් 27/2, ලක්ෂිත මානසිංහ 35/1, දුෂාන් විමුක්ති 66/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee