slc
logo
Home   |    News
මැයි 25, 2023
ඉදිරි දෙවසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නම් කෙරෙයි

sinhala editor

2023 වසරේ මැයි මස 20 වැනිදා සිට ආරම්භ වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි දෙවසරක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ. ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සාමාජිකයින් 18 දෙනෙකු ඇතුළත්ව සිටිති.

2025 වසර තෙක් වූ කාල සීමාවේදී කටයුතු කිරීමට නියමිත මෙම නියෝජතයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා ගෞරවනීය සේවයක් ලබා දෙනු ඇත.

නම

තනතුර

ශම්මි සිල්වා මහතා සභාපති
රවීන් වික්‍රමරත්න මහතා උප සභාපති
ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා උප සභාපති
තිලක් වත්තුහේවා මහතා උප සභාපති
මොහාන් ද සිල්වා මහතා ලේකම්
ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්
සුජීව ගොඩලියද්ද මහතා භාණ්ඩාගාරික
ලසන්ත වික්‍රමසිංහ මහතා උප භාණ්ඩාගාරික
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සභාපති – ක්‍රිකට් තේරීම් කමිටුව
බන්දුල දිසානායක මහතා සභාපති – ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුව
සමන්ත දොඩන්වෙල මහතා සභාපති – තරගාවලි සංවිධායක කමිටුව
ජානක පතිරණ මහතා විධායක කමිටු සාමාජික/නියෝජිත – දිස්ත්‍රික්/පළාත් සංගම්
නලින් අපෝන්සෝ මහතා විධායක කමිටු සාමාජික/නියෝජිත – ජනසතුසේවා ක්‍රිකට් සංගමය
නලින් වික්‍රමසිංහ මහතා විධායක කමිටු සාමාජික/නියෝජිත – වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය
කිත්සිරි ද සිල්වා මහතා විධායක කමිටු සාමාජික/නියෝජිත – පාලක ක්‍රිකට් සමාජ
මාලන් රණසිංහ මහතා විධායක කමිටු සාමාජික/නියෝජිත – පාලක ක්‍රිකට් සමාජ
ප්‍රියන්ත අල්ගම මහතා විධායක කමිටු සාමාජික/නියෝජිත – අනුබද්ධ ක්‍රිකට් සමාජ
සුදත් චන්ද්‍රසේකර මහතා විධායක කමිටු සාමාජික/නියෝජිත – ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය

Active filters

Recent Posts

  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]
  • මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee