slc
logo
Home   |    News
මැයි 28, 2023
කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි

sinhala editor

අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී එස්.එස්.සී. පන්දු වාර 16.5කදී ලකුණු 94කට දැවී ගිය අතර කුරුණෑගල යූත් ලබා ගත්තේ ලකුණු 85කි. වරක් කුරුණෑගල කණ්ඩායම ලකුණු 83කට කඩුලු හතක් දැවී ජයග්‍රහණය ආසන්නයටම ළංව සිටියේය.

අද (28) පැවැති තරග අතුරින් බ්ලුම්ෆීල්ඩ්, සෙබස්ටියනයිට්ස්, ගුවන් හමුදාව, එස්.එස්.සී., ටැමිල් යුනියන් සහ බී.ආර්.සී. ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විණි.

දෙපිලම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ මේ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර ලකුණු නවයකින් ජයගත් ප්‍රබල එස්.එස්.සී. කණ්ඩායමට අවසානය තෙක් සටනක් දීමට කුරුණෑගල යූත් සමත් විය.

කුරුණෑගල යූත් කණ්ඩායමේ දිලංක අවුවාඩ් සහ අරවින්ද ප්‍රේමරත්න කඩුලු තුන බැගින් දවාලීම මත ප්‍රබල එස්.එස්.සී. කණ්ඩායම පන්දු වාර 16.5කදී දැවී ගියේ ලකුණු 94කටය. එස්.එස්.සී. කණ්ඩායමේ කළණ පෙරේරා ලකුණු දහයකට කඩුලු තුනක් දවාලමන් තම කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ කළේය.

එස්.එස්.සී. සියල්ල දැවී 94 (පන්දු වාර 16.5) – (අවිශ්ක ප්‍රනාන්දු 39, ෂෙවොන් ඩැනියල් 11, ක්‍රිෂාන් සංජුල 10, දිලංක අවුවාඩ් 14/3, අරවින්ද ප්‍රේමරත්න 15/3යි)

කුරුණෑගල යූත් සියල්ල දැවී 85 (පන්දු වාර 17.4) – (නවීන් ප්‍රනාන්දු 46, කෝසල රවිඳු 14, කළණ පෙරේරා 10/3, නිසල තාරක 20/2, ප්‍රභාත් ජයසූරිය 25/2)

 

  • බ්ලුම්ෆීල්ඩ් කඩුලු 4කින් රාගම පරාජය කරයි

මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ ළහිරු මධුශංක සහ අදීෂ තිලංචන පන්දු යැවීමේදී සහ පන්දුවට පහරදීමේදී (තුන් ඉරියව්වේම) පෙන් වූ දක්ෂතා බ්ලුම්ෆීල්ඩ් ජයග්‍රහණයට මූලික විණි.

මීට අමතරව බ්ලුම්ෆීල්ඩ් ඉදිරිපෙළ පිතිකරුවන් වන නිපුන් කරුණානායක ලකුණු 36ක් ද සඳුන් වීරක්කොඩි ලකුණු 33ක් ද රැස් කරමින් දක්ෂතා දැක්වූහ. රාගම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ රන්මිත් ජයසේන ලකුණු 38ක් රැස් කළේ පන්දු 30කදී හතරේ හතරක් සමඟිනි.

රාගම කඩුලු 8ට 139යි (පන්දු වාර 20යි) – රන්මිත් ජයසේන 38, අවිශ්ක තරිඳු 27, සමිඳු ප්‍රනාන්දු 18, සංතූෂ් ගුණතිලක 17, ළහිරු මධුශංඛ 22/3, අදීෂ තිලංචන 27/2

බ්ලුම්ෆීල්ඩ් කඩුලු 6ට 140යි (පන්දු වාර 19.4යි) – නිපුන් කරුණානායක 36, සඳුන් වීරක්කොඩි 33, අදීෂ තිලංචන නොදැවී 22, ළහිරු මධුංශඛ 16, ශෂික දුල්ෂාන් 16/2, ඩෙලන් පීරිස් 14/1යි).

  • සෙබස්ටියනයිට්ස් කඩුලු 7කින් නුගේගොඩ පරාජය කරයි.

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මෙම ‘බී‘ කොටසට අයත් වූ තරගයේදී සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ අභිෂේක් ලියනආරච්චි නොදැවී ලබාගත් ලකුණු 50ත් (පන්දු 47යි හතරේ තුනයි හයේ දෙකයි). සශ්‍රීක පුස්සෙගොල්ල ලකුණු 12කට කඩුලු තුනක් දවා පසුව ලකුණු 30ක් රැස් කරමින් තුන් ඉරියව්වේ දැක් වූ දක්ෂතා මත සෙබස්ටියනයිට්ස් කණ්ඩායමට කඩුලු  හතක පහසු ජයග්‍රහණයක් කරායාමට අවස්ථාව උදා විණි.

නුගේගොඩ කඩුලු 9ට 108 (පන්දුවාර 20යි) – (තරිඳු කෞෂාල් 38, ටී.එම්. සම්පත් 21, සසිඳු නානායක්කාර 14, තරිඳු රත්නායක 20/3, සශ්‍රීක පුස්සෙගොල්ල 12/3, මොහමඩ් දිල්ෂාඩ් 19/2යි)

සෙබස්ටියනයිට්ස් කඩුලු 3ට 109යි (පන්දු වාර 16යි) – (අභිෂේක් ලියනආරච්චි නොදැවී 50, සශ්‍රීක පුස්සෙගොල්ල 30, සචා සෙනෙවිරත්න 11යි, චලන ද සිල්වා 14/1යි, කවිෂ දිල්ෂාන් 20/1යි)

 

  • ගුවන් හමුදාව කඩුලු හතරකින් පොලීසිය පරාජය කරයි.

පනාගොඩදී පැවැති ‘ඒ ‘ කොටසට අයත් වූ මේ තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ මොවින් සුබසිංහ සහ දනෝෂ් ද සිල්වා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු දක්ෂතා දැක් වූහ.

දනෝෂ් ද සිල්වා ලකුණු නවයකට කඩුලු හතරක් දවාලු අතර මොවින් සුබසිංහ පන්දු 25කට මුහුණදී හතරේ හයක් සහ හයේ තුනක් සමඟ ලකුණු 55ක් රැස් කරමින් දක්ෂතා දැක්වීය.

ගුවන් හමුදාව ලකුණු 116ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී හයවන ඕවරය වන විට ලකුණු 19කට කඩුලු තුනක් දැවී සිටියදී මොවින් සුබසිංහ (55) සහ ආදිත්‍ය සිරිවර්ධන (23) සිව්වන කඩුල්ලට පන්දු 35කදී ලකුණු 69ක් රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියහ.

පොලීසිය සියල්ල දැවී 115යි (පන්දු වාර 20යි) – (දිනුර ඉඳුවර 22, දනල් හේමන්ද 21, සුපුන් මධුශංඛ 19, රන්දුනු ගංගානාත් 15, දනෝෂ් ද සිල්වා 9/4, මධුශංඛ ප්‍රේමරත්න 8/1

ගුවන් හමුදාව කඩුලු 6ට 116 (පන්දු වාර 16.2) – මොවින් සුබසිංහ 55, ආදිත්‍ය සිරිවර්ධන 23, නලින් ප්‍රියදර්ශන 25/2යි)

 

  • ටැමිල් ලකුණු 24කින් බදුරලිය පරාජය කරයි

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසට අයත් මේ තරගයේදී ටැමිල් කණ්ඩායමේ ෂම්මු අෂාන් පන්දු 33කදී හතරේ තුනක් හයේ දෙකක් සමඟ ලකුණු 45ක් ද එම කණ්ඩායමේ ඉසුරු උදාන ලකුණු 22කට කඩුලු තුනක් ද දවාලමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුල් විණි.

ටැමිල් කඩුලු 7ට 147 (පන්දු වාර 20යි) – (ෂම්මු අෂාන් 48, කමේෂ් නිර්මාල් 35, රවිඳු ප්‍රනාන්දු 15, නවෝද් පරණවිතාන 10, නරේන් මුරලිදරන් 29/2යි)

 බදුරලිය කඩුලු 6ට 123 (පන්දු වාර 20යි) – (විෂාන් ප්‍රනාන්දු 39, හසිත අමරසිංහ 29, අනුක් ප්‍රනාන්දු 39, ඉසුරු උදාන 22/3, විජයකාන්ත් වියස්කාන්ත් 20/2)

 

  • බී.ආර්.සී ලකුණු 53කින් නිගම්බු පරාජය කරයි.

පනාගොඩදී පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී බී.ආර්.සී. කණ්ඩායමේ ලක්ෂාන් ගමගේ පන්දු 26කදී හතරේ තුනක් හයේ හතරක් සමඟ ලකුණු 52ක් රැස් කිරීමෙන් පසු දුවිඳු තිලකරත්න ලකුණු 15කට කඩුලු තුනක් දවාලමින් බී.ආර්.සී. ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දුන්හ.

බී.ආර්.සී. නායක භානුක රාජපක්ෂ ද වේගවත් ප්‍රහාර එල්ල කරමින් ලකුණු 26ක් ලබා ගත්තේ පන්දු 14කදී හතරේ පහරක් සහ හයේ තුනක් සමඟය.

බී.ආර්.සී. කඩුලු 7ට 144 (පන්දු වාර 20යි) – ( ලක්ෂාන් ගමගේ 52, භානුක රාජපක්ෂ 26, ෂෙෂාන් ප්‍රනාන්දු 31/2, සවිඳු කොළඹගේ 14/1

නිගම්බු සියල්ල දැවී 91 (පන්දු වාර 17.1) – ජොහාන් සිල්වා 26, දිමුත් සඳරුවන් 22, උමේෂ් ලක්ෂාන් 12, දුවිඳු තිලකරත්න 15/3, මලින්ද ෂෙහාන් 15/2)

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee