slc
logo
Home   |    News
මැයි 10, 2023
දේශපාලන මැදිහත්වීම් සොයන්න ICC උප සභාපතිවරයා ක්‍රිකට් බලධාරීන් මුණ ගැසෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවන්නේදැයි සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකු වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල උප සභාපති ඉම්රාන් කවාජා මහතා අද (10 දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

කවාජා මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ ඉහතින් සඳහන් කළ දේශපාලන මැදිහත්වීම් සිදුවන්නේ දැයි කරුණු සොයා බැලීම වේ. එම කරුණු සෙවීමේ එක් කොටසක් ලෙසින් කවාජා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මුණ ගැසී සාකච්ඡා කරනු ලැබීය.

අදාළ සාකච්ඡාවේදී ක්‍රිකට් පරිපාලන කටයුතු සිදුකරගෙන යෑමේදී මුහුණ දීමට සිදුවන ගැටලු සහ එසේ සිදුවීමේදී ක්‍රීඩාව පරිපාලනය කෙරෙහි බලපානු ලබන කරුණු පිළිබඳව කවාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය.

කවාජා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 වසරේ මැයි මස 08 වැනිදා ලිපියක් යොමු කරමින් ගරු ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කර සිටි අතර එහිදී කවාජා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද එම ලිපිය ඔස්සේ වැඩිදුරටත් දැනුම් දී සිටියේය. 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවේ තණතිලි විශිෂ්ටයි – ඔමාර්සායි
    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ප්‍රථම වතාවට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක හත පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි ගෝල් […]
  • කණ්ඩායමේ සාමුහිකත්වය අපට ජය ගෙන ආවා – මතීෂ පතිරණ
    කළම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර ජූලි 06 වැනිදා දඹුල්ලේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය කණ්ඩායම් දෙකම ලකුණු දෙසීයයේ සීමාව අසළටම පැමිණ තියුණුම මුහුණුවරක් ඉසිලුවත් එම තරගය කළම්බු […]
  • තණතීරු ගැන පැතුම්ගේ අදහස
    මේ වන විට ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ තණතිලි ක්‍රිකට් ක්‍රීඩකයනට සැපයෙන හෙයින් ඉදිරියේදී දැනටත් වඩා ලකුණු රැස් කිරීමට පිතිකරුවනට අවස්ථාව උදා වනු ඇතැයි ජැෆ්නා කින්ග්ස් – දඹුල්ල සික්සර්ස් […]
  • අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්
    දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් […]
  • පළමු තරගයේම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වීම ගැන සතුටුයි – ප්‍රභාත් ජයසූරිය
    කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ දිනේෂ් චන්දිමාල් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීමේ වැදගත්කම දැන සිටි අපගේ කණ්ඩායම (ගෝල් මාවල්ස්) එය ඉටු කර […]

Pin It on Pinterest

USD United States (US) dollar
logo