slc
Home   |    News
මැයි 9, 2023
නැගීඑන කණ්ඩායම ජපානයට

sinhala editor

ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත ජපානයේ තරග සංචාරයක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස ඩෙලන් පීරිස් නම් කර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය, ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත.

15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 08 වැනිදා ජපානය බලා පිටත්ව ගියේය. තරගාවලිය මැයි මස 10, 11, 13, 14 සහ 15 යන දිනයන්හිදී තෝකියෝ නුවර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැතවෙනු ඇත.

එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක නැගෙනහිර ආසියානු කලාපීය විස්සයි-20 අවසන් තරග වටය සදහා ජපාන කණ්ඩායම මේ වන විටත් සුදුසුකම් ලබා සිටින අතර ඊට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගැනීම ජපාන ක්‍රිකට් සංගමයේ බලාපොරොත්තුව වී තිබේ.

වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් තරග මාලාව අවසන්ව දේශීය තරග පිටියට පිවිසි සිටින, වයස අවුරුද 23 ට නොවැඩි ක්‍රීඩකයින්ගෙන් නැගී එන කණ්ඩායම සැදුම්ලත්ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලින් ක්‍රිකට් පිටියට පිවිස සිටින නායක ඩෙලෝන් පීරිස් මෙවර නිමාවට පත් වුණු වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මානය දිනා ගත් ක්‍රීඩකයා වේ. රාගම ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසින් මෙවර තරගාවලිය නියෝජනය කළ ඩෙලෝන් තරග 6 කදී ලකුණු 191 ක් සහ පන්දු යවමින් කඩුලු 29 ක් බිඳ හෙළමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම – ඩෙලෝන් පීරිස් (නායක), සකුණ ලියනගේ, දුනිත් ජයතුංග, සහිල් ඩයස්, ෂෙහාන් ප්‍රනාන්දු, රන්මිත් ජයසේන, සිතාර හපුහින්න, යොහාන් ලියනගේ, හිරන්ත ජයසිංහ, ලක්ෂාන් ගමගේ, තීෂන් විතූෂාන්, ඉමිතියාස් ස්ලාසා, සිතුම් දිසානායක, හර්ෂණ වික්‍රමසිංහ, දනාල් හේමානන්ද.

 

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest