slc
logo
Home   |    News
මැයි 15, 2023
පස්වැනි තරගය වැස්සට සේදෙයි

sinhala editor

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම අතර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් අද (15 දා) එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවත් තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලීය 4-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ඩෙලෝන් පීරීස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ.

මෙම තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම දක්වන ලද දක්ෂතා හේතුවෙන් දක්ෂතම පන්දු යවන්නා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායක ඩෙලෝන් පීරිස් නම් කරද්දී දක්ෂතම පිතිකරුවා ලෙස ජපාන ජාතික කණ්ඩායමේ නායක කෙන්ඩල් ෆ්ලෙමිංග් සම්මාන දිනාගත්හ.

ඩෙලෝන් තරග 4 කදී කඩුලු 09 ක ද දවා ගත්තේ සාමාන්‍ය 8.22 ක් රදවා ගනිමිනි. දක්ෂතම පිතිකරුවා වූ ෆ්ලෙමිංග් තරග 4 කදී ලකුණු 101 ක් ලබා ගත්තේය.

තරග ප්‍රතිඵල

පළමු  විස්සයි-20 – ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
දෙවැනි විස්සයි-20 – ශ්‍රී ලංකාවට ලකුණු 68 ක ජයක්
තුන්වන විස්සයි-20 – ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්
4 වන විස්සයි-20 – ශ්‍රී ලංකාවට ලකුණු 45ක ජයක්
5 වැනි විස්සයි20 – තරගය වර්ෂාව නිසා අතහැර දැමුණා

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

USD United States (US) dollar